gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ වාහන මිල බහින්නේ නැහැ, අලුත් ඇක්වා එකක් එක්කොටි තිස් ලක්ෂයයි – වාහන ආනයනකරුවෝ!

නව වාහන ආනයනය කළද දැනට වෙළෙඳපොළේ පවතින භාවිත කරන ලද වාහනවල මිල ගණන් අඩුවීමක් සිදු නොවනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.

ආනයනික වාහන සඳහා පනවා තිබෙන ඉහළ බදු හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ පවතින භාවිත කළ වාහන මිල ගණන් එතරම් වෙනසක් සිදු නොවනු ඇතැයි ද ඔව්හු කියා සිටිති.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්. කේ. දුෂාන් අසංග මහතා කියා සිටියේ ජපානයෙන් ආනයනය කරන ලද වාහන විශාල ප්‍රමාණයක් මේ මස අග මෙරටට ලැබීමට නියමිත බවය.

අලුතින් ආනයනය කරන ටොයෝටා ඇක්වා මෝටර් රථයක් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වන බවද ඔහු පැවැසීය.

දැනට වෙළෙඳපොළේ භාවිත කරන ලද ඇක්වා මෝටර් රථයක් රුපියල් ලක්ෂ 70 ත් 80 ත් අතර මිලකට අලෙවි කෙරේ.

නව වැගන් ආර් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 90 ක් පමණ වන බව ද දුෂාන් අසංග පැවැසුවේය.

මේ අතර ජපානයෙන් ආනයනය කරන ලද වාහන 196 ක් හම්බන්තොට වරායට පසුගිය බ්‍රහස්පතින්දා (27) සවස ළඟා වී ඇති අතර එම වාහන මේ සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka