gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාප් වහන්සේගේ තත්වය තවත් බරපතළයි – වතිකානුව දිනපතා උන්වහන්සේගේ තත්වය ගැන නිවේදන නිකුත් කිරීම අරඹයි!

රෝහල්ගත කර සිටින ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අතිශයින් දුර්වල බව වතිකානුව පවසයි.

වතිකානුව නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, පාප් වහන්සේ සිකුරාදාට වඩා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර උන්වහන්සේ දිගුකාලීන ඇදුම වැනි ශ්වසන අර්බුදයකින් පෙළෙන බැවින් රුධිර පාරවිලයනය කර ඇතැයි ද පැවසේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව හේතුවෙන් රෝමයේ ගෙමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රක්තහීනතාවය හා සම්බන්ධ පට්ටිකා ප්‍රමාණය අඩුවීම හේතුවෙන් රුධිර පාරවිලයනය අවශ්‍ය යැයි සළකනු ලැබූ බව වතිකානුව පවසයි.

වතිකානුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, උන්වහන්සේට ඔක්සිජන් ‘අධික ප්‍රවාහයක්’ අවශ්‍ය බවයි.

“ශුද්ධ වූ පියතුමාගේ තත්ත්වය බරපතලයි, පාප් වහන්සේ අනතුරෙන් මිදී නැත.” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පාප් වහන්සේ සිය සෞඛ්‍යය පිළිබඳව විවෘතභාවයක් ඉල්ලා ඇති බැවින් වතිකානුව දිනපතා ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka