gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරවෙලා තියෙන පාස්පෝට් ඔක්කොම මාසයක් ඇතුළත දෙනවා – ඇමැති සහතික වෙයි!

නිකුත් කිරීමට නියමිත ඉතිරි සියලුම විදේශ ගමන් බලපත්‍ර මාසයක් ඇතුළත නිකුත් කරන බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.

පසුගියදා පැවැති පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී, ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පැය 24 පුරාම ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවක් ආරම්භ කර ඇති බවත්, අවශ්‍ය මුද්‍රණ උපකරණ ලබාගත් පසු යාපනයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් ස්ථාපිත කරන බවත්, පළාත් පාලන ආයතන කාර්යාලවල නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දෙගුණ කරන බවත් ඔහු එහිදී තහවුරු කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka