අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එ් අනුව පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා වූ කාලයේදී පැයක කාලයක් කලාප මට්ටමින් මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙයි.
නොරොච්චෝල විදුලි බලාගාරය මේ වන විටත් ජාතික පද්ධතියට විදුලි නිෂ්පාදනය එක් නොවීම මත ඇතිවන ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් මෙම පියවර ගනියි.
කෙසේ වෙතත් හෙට දිනයේ හෝ සෙනසුරාදා දිනය වන විට නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල ක්‍රියාත්මක කරවීමට හැකි වනු ඇතැයි ඉංජිනේරුවන් විශ්වාසය පළ කරති.