gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ලිත්‍රෝ රඟයි... ලාෆ් තටමයි... අමාත්‍යාංශය නිහඬයි

ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල පහත වැටීම සැලකිල්ලට ගනිමින් ලිට්‍රෝ සමාගම විසින් පෙබරවාරි මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොමැති බව වාර්තාවේ.

ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මිල සංශෝධනය සම්බන්ධ නිර්දේශ මෙම මස මුල් සතියේදී මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණද, එම යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ලැබී නොමැත.

වත්මන් ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම 4 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල සංශෝධනය කළ යුතු වුවත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ප්‍රමාද වීම හේතුවෙන් මෙම මාසයේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට නොහැකි වී ඇත.

මෙරට වෙළඳපොළේ ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා අතරින් අනෙක් සමාගම වන ලාෆ්ස් ගෑස් ලංකා සමාගමද ගෑස් මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා පළ වුවද, එම සමාගම විසින්ද මේ දක්වා ගෑස් මිල සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියා කරන සිවිල් සංවිධාන මෙන්ම පාරිභෝගික සංවිධානද ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති තත්ත්වයක් තුළ දේශීය ගෑස් මිල ඒ හා සමානුපාතිකව අඩු කළ යුතු බව අවධාරණය කරති.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka