රජයේ රෝහල් වලින් ශල්‍ය කර්ම කර ගැනීම සදහා වකුගඩු රෝගීන් සහ හදවත් රෝගීන් 40,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
වකුගඩු කාන්දු පෙරණ සහ ශල්‍යකර්ම සදහා වකුගඩු රෝගීන් 20,000කට වැඩි පිරිසක්, හෘද පරීක්ෂණ සහ ශල්‍යකර්ම කර ගැනීමට 20,000කට වැඩි පිරිසක් එලෙස සිටින බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
එම රෝගීන් බොරැල්ල රිස්වේ ආර්යා ළමා රෝහල, මාලිගාවත්ත වකුගඩු රෝහල, කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසකම පොරොත්තු ලේඛනවල සිටින බවත් ඔවුන් වාරය එළඹෙන තුරු බලා සිටින බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව තවදුරටත් සදහන් කළේ, එම රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ශල්‍යකර්ම කර ගැනීමට පෙරාතුව සැලකිය යුතු රෝගී පිරිසක් මියයන බවයි.