gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ආයුධ පෙන්වීමට ගිය වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට!

කොටහේන වෙඩි තැබීමට අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනාම පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වී ඇත.

සඟවා තිබූ ආයුධ පෙන්වීමට ඊයේ (21) දින රාත්‍රියේ රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනි අවියක් උදුරා වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදී ⁣පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ,

“වෙඩි තැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පලායමින් සිටියදී පොලීසිය හඹා ගොස් අත්අඩංගුවට ගත්තා. මෙම ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ ගිනිඅවියත් එහිදී පොලිස් භාරයට ගැනුණා.

පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබුණා.

පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබුවා. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka