gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝෂියස් මාස දෙකකට කලින් එළියට ආවේ යහපත් හැසිරීම නිසා!

රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවකට අදාළ සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු පසුගිය 22 වන දින නිදහස් කෙරුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේ නියමිත සිර දඬුවම් කාලය අවසාන වීමට මාස දෙකකට පෙර ඔවුන් මෙලෙස නිදහස් කරනු ලැබුවේ සිර දඬුවම් ලබන කාලය අතරතුර ඔවුන්ගේ යහපත් හැසිරීම මත පදනම්ව බව

සිරකරුවන්ට ඔවුන්ගේ හැසිරීම සහ බන්ධනාගාරය තුළ වැඩ වැඩසටහන් සඳහා ක්‍රියාකාරී සහභාගීත්වය මත පදනම්ව ලකුණු උපයා ගත හැකි බවත් ඒ අනුව ඔවුන්ගේ දඬුවම තුනෙන් එකකින් අඩු කෙරෙන බවත් ඔහු තවදුරටත් පවසා තිබුණා.

පසුගිය වසරේ ඔක්තොම්බර් 14 වන දින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඩුවම් නියම කෙරුණා.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වග උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka