gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යේමන වද කාරයා මරාදැමූ වරදට මරණ දඬුවම නියම වූ කේරළ හෙදිය ප්‍රියාට සමාව ලැබේද?

යේමනයේ මරණ දඬුවමට නියම වී සිටින කේරළ හෙදියක වන නිමිෂා ප්‍රියාගේ ජීවිතය බේරා ගැනීමට එකම විසඳුම ලෙස පෙනී යන්නේ වින්දිතයාගේ පවුලෙන් සමාව ලබා ගැනීමයි. ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ 2017 දී ඇයට මහත් හිසරදයක් බවට පත් යේමන ජාතික තලාල් අබ්දෝ මෙහ්දි ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

පසුගිය සතියේ යේමන ජනාධිපති රෂාඩ් අල්-අලිමි විසින් ඇයගේ මරණ දඬුවම අනුමත කර ඇති අතර,

මාසයක් ඇතුළත එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉන්දියාවේ කේරළයේ පලක්කාඩ් දිස්ත්‍රික්කයේ කොලෙන්ගොඩේ හි උපත ලද වයස අවුරුදු 37ක් වන නිමිෂා ප්‍රියා නම් ඉන්දීය හෙදිය දැන් මුහුණ දී සිටින්නේ තම ජීවිතයේ දුෂ්කරතම අවස්ථාවටය. යේමනයේ සනා නුවර බන්ධනාගාරයක රඳවා සිටින ඇය අවසාන බලාපොරොත්තුව දෙස බලා සිටී.

2008 වසරේදී හෙද සේවිකාවක් ලෙස යේමනයට ගිය නිමිෂා ප්‍රියා, 2011 දී කේරළයේදී ටෝමි තෝමස් සමඟ විවාහ විය. යේමනයේ සෞඛ්‍ය සායනයක් ආරම්භ කිරීමට ඇය සැලසුම් කළ නමුත්, එරට නීතිය අනුව විදේශිකයන්ට ව්‍යාපාර කටයුතු සෘජුව කළ නොහැකි නමුත් දේශීය හවුල්කරුවෙකු සිටීනම් හැකිය. නිමිෂා ප්‍රියා සේවය කළ සායනයේ නිතර යන එන රෝගියෙකු වූ තලාල් අබ්දෝ මෙහ්දි මෙම කටයුත්තට සහය දීමට එකඟ විය.

මේ අතර 2014 දී යේමනයේ පැතිර ගිය සිවිල් යුද්ධය හේතුවෙන් ඇයගේ සැමියා සහ දියණිය ඉන්දියාවට යෑමට සිදුවිය. එතැන් සිට නිමිෂාගේ ජීවිතය වඩාත් සංකීර්ණ විය. තලාල් අබ්දෝ මෙහ්දි අලුත් සායනයක් විවෘත කළ නමුත් ආදායම බෙදාගැනීම ප්‍රතික්ෂේප කළේය. ඊටත් වඩා භයානක වූයේ ව්‍යාජ ලේඛන සකස් කර ඇය තම බිරිඳ ලෙස පෙන්වමින් ඇයට ශාරීරික හා ලිංගික හිංසනයට ලක් කිරීමය.

තලාල් අබ්දෝ  මෙහ්දි විසින් රඳවාගෙන සිටි තම ගමන් බලපත්‍රය ලබා ගැනීමේ උත්සාහයක් ලෙස නිමිෂා ඔහුට නිදි බෙහෙත් දී ඇත. නමුත් අධික මාත්‍රාව හේතුවෙන් ඔහු මිය ගොස් තිබුණි. ඉන්පසු නිමිෂා සහ ඇයගේ යේමන ජාතික සගයෙකු වන හනාන් විසින් මෘත දේහය කොටස් වලට කපා ජල ටැංකියක දමා සැඟවීමේ උත්සාහයකද නිරත විය.නමුත් පසුව ඇත්ත හෙළි විය.

2018 දී යේමන අධිකරණය විසින් නිමිෂාට මරණ දඬුවම නියම කළ අතර 2023 දී යේමන උසස් අධිකරණය එම තීන්දුව තහවුරු කළේය.


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු ආකාරයේ සහය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. 2020 දී පිහිටුවන ලද 'සේව් නිමිෂා ප්‍රියා ඉන්ටර්නැෂනල් ඇක්ෂන් කවුන්සිල්' මගින් ඇයගේ නිදහස වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට උත්සාහ කරමින් සිටී.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සුභාෂ් චන්ද්‍රන් කේආර් පවසන පරිදි, මෙම සිද්ධියට ඉන්දීය රජයේ මැදිහත්වීම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමටත්, වින්දිතයාගේ පවුල සාකච්ඡා මේසයට ගෙන ඒමටත් උපකාරී වනු ඇත.

නිමිෂා දැනට සිරගත වී සිටින බන්ධනාගාරයේදී ඇයගේ මව වන ප්‍රේමා කුමාරි දෙවරක් ඇය හමුවී ඇත. පළමු හමුවේදී නිමිෂා තම මවට ශක්තිමත්ව සිටින ලෙස පවසා ඇත. "දෙවියන් වහන්සේ තමන් බේරා ගනී යැයි" ඇය පවසා ඇත.

මේ අතර ඉරාන නිලධාරියෙකු ද මෙම සිද්ධියේදී උපකාර කිරීමට පෙරොන්දු වී ඇත. නිමිෂාගේ සැමියා වන ටෝනි තෝමස් පවසන්නේ, මරණ දඬුවම අනුමත වීමට පැය කිහිපයකට පෙර ඇය සමඟ කතා කළ බවත්, ඇය තම දියණිය ගැන පමණක් විමසූ බවත්ය.

මීට පෙර විදේශ රටවල මරණ දඬුවමට නියම වූ ඉන්දියානුවන් කිහිප දෙනෙකුම රුධිර මුදල ගෙවීමෙන් පසු නිදහස ලබාගෙන ඇත. කොසිකෝඩ් හි අබ්දුල් රහීම් සවුදි අරාබියේ දී මරණ දඬුවමට නියම වූ අතර, ඔහු වෙනුවෙන් රුපියල් කෝටි 34ක රුධිර මුදලක් එකතු කර ඇත. කටාර් හි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුගේ මරණ දඬුවම ද අභියාචනා අධිකරණය මගින් සිර දඬුවමකට ලඝු කර ඔවුන් මුදා හැර ඇත.

යේමන ෂරියා නීතිය අනුව අපරාධයක වින්දිතයෙකුට හෝ ඔවුන්ගේ පවුලට මූල්‍ය වන්දියක් ('දියා' හෙවත් රුධිර මුදල) වෙනුවෙන් අපරාධකරුට සමාව දිය හැකිය. මේ වන විට නිමිෂා ප්‍රියා වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ඇමරිකානු ඩොලර් 40,000ක මුදලක් ගෙවා ඇති අතර, මරණ දඬුවම අත්හිටුවීම සඳහා තවත් ඩොලර් 400,000ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

වින්දිතයාගේ පවුලෙන් සමාව ලබා ගැනීම ඊට පෙර සිදුවිය යුතු නමුත් තවම එය ලැබී නැත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka