gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ ඇගේ සිව්වෙනි විවාහය බව සැමියා හීනෙකින් වත් නොසිතන්නට ඇති... බිරිඳක් කළ වංචාව දැනගත් සැමියා කළ දේ මෙන්න

ජීවිතේ ගැන මේ වගේ පටු තීරණයක් ගනිවි කියලා ඇයට ආදරේ කරන කිසිවෙකුත් හිතන්න නැතිව ඇති..   ඇයගේ වයස මේ වනවිට අවුරුදු විසි අටක්..

ඒත් ඒ වයසට වඩා බොහෝ දුරක් ඇය ගිහිල්ලා.. ඒත් ඉතින්, ඇයට ආපසු හැරෙන්න පුළුවන් වේවිද..? මේ කියන්නේ අන්න ඒ අනුවේදනීය කතාවයි..

ඉතා රූමත් ඇය නිතරම රූපලාවන්‍ය උපකරණද භාවිතා කරන්න දැක්වුවේ, ලොකු කැමැත්තක්.. ඒ වගේම ඇගේ තවත් එක් අඳුරු පැත්තක් තිබුණා... කුඩා අවධියේ සිටම අසැබි චිත්‍රපටිවලට ඇබ්බැහි වූ ඇය ජීවිතේ ගැන ගත්තේ බොහොම පටු තීරණයක්.. කොහොමහරි ඇය වයස දාහතේදී කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වුණා... එලෙස විවාහ වූයේ 2010 වසරේදී වන අතර එම විවාහයෙන් ඇය දරුවෙකු ප්‍රසූත කළා..

වසර දෙකකටත් අඩු කාලයක් එම විවාහය පැවති අතර සැමියා විදේශ රැකියාවකට ගිය අතරේ 2013 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමඟ දෙවන වරටත් විවාහ වුණා.. එම විවාහයෙන් දරුවන් ප්‍රසූත නොකිරීමට ඇය වගබලා ගත්තා.. එහෙත් එම සැමියාද ඇයගේ හිතට හරි ගියේ නැහැ... වසර තුනකින් එම විවාහයද කෙළවර වුණා... ඇය තෙවැනි වරටත් විවාහ වූ අතර එසේ විවාහ වූයේ 2016 වසරේදීයි.. පෙර දෙවතාවක් ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන ගත්තේ නැහැ.. තෙවන සැමියා සමඟද ඉතා කෙටි කාලයක් පමණක් සිටි ඇය වසර තුනකින් එම විවාහයද කෙළවර කරගත්තා..

මේ අතරතුරදී දිනක් ඇය එක්තරා ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත්තා.. ඇගේ රූපශ්‍රියට ඔහුගේ සිතේද ආදරයක් ඇති විය. ඇය තමාගේ බිරිඳ කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි ඔහු සිතුවා.. අවසානයේ එම සිතිවිල්ල පල දැරුවා.. ඒ අනුව තවත් දිනයකදී ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කෙරුණා.. ඒ ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැතිමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළා..

ටික කලක් යනවිට ඔවුන්ගේ විවාහය දෙදරා ගිය... ඇය ඔහු සමග නිතර නිතර රණ්ඩු සරුවල් කර ගත් අතර ඇයගේ පෙර වැරදි රැසක්ද ඔහුගේ සවනට වැටෙන්නට වුණා... ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැම්මා..

ඔහු එලෙස පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුනද සොයා ගෙනයි.. තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටි අතර සැමියා පවසන්නේ බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව නඩු පවරන බවයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka