gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටැටූ ගහන්න ගිය 14 හැවිරිදි දැරියක් ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් දූෂණය කරලා!

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වයස අවුරුදු 14 ක දැරියක් බලහත්කාරයෙන් දූෂණය වීමේ සිද්ධියක් මත එම මධ්‍යස්ථානයට පෙරේදා (29) මුද්‍රා තබා තිබේ.

වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මල්ලාකම් අධිකරණයේ නියෝගයක් මත එම මධ්‍යස්ථානයට මුද්‍රා තබා තිබේ.

දූෂණයට ලක් වූ දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබේ.

මෙම මධ්‍යස්ථානයෙන් ටැටූ කෙටීමට ගිය බාලවයස්කාර දැරියක් ටැටූ කොටන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණයින් කීප දෙනෙකු විසින් දූෂණය කිරීම නිසා ඒ පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධියේ පරීක්ෂණ නිම වනතුරු අදාල පච්ච කෙටීමේ මධ්‍යස්ථානයට මුද්‍රා තබා ඇත්තේ මහජනතාවගෙන් එම මධ්‍යස්ථානය වෙත එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගැනීමෙන් හා දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සාක්කි රැසක් එම මධ්‍යස්ථනයේ තිබීම නිසාත්ය.

නෙල්ලිඅඩි පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka