gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව තවත් අනාථ කඳවුරක් වීමේ අවධානමක්.. සරණාගතයින් ලක්ෂයක් එනවා!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ  (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.

පසුගියදා රටට ඇතුළු වූ මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116දෙනා මෙරටට පැමිණ ඇත්තේ කෝටි ගනනක් මුදල් ගෙවා බවත්, එම කණ්ඩායමෙන් සහ බුද්ධි තොරතුරු අනුව හෙළි කරගත් තොරතුරු අනුව මෙම ක්‍රියාවලිය ජාවාරමක් ලෙස සිදුවන්නක් බවද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.”

ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා.”

දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka