gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පැහැරගත් සිසුවිය වෙනුවෙන් දිවි පරදුවට තැබූ වීරයා අර්ෂාඩ්ට ශ්‍රි ලංකා පොලිසිය ප්‍රණාමය පුද කරයි

“මම රස්සාව කරන්නේ අකුරණ ප්‍රදේශයේ. උදේ වැඩට යන්න ලෑස්ති වෙලා පාරට ගිහින් බස් එක එනකන් ඉන්නකොට මම ළඟින් ඉස්කෝලේ ගෑණු ළමයි දෙන්නෙක් ඉස්සරහට ගියා. ඒ එක්කම කළු පාට පොඩි වෑන් එකක් ඇවිත් නතර කරලා, ඒ ගෑණු ළමයි දෙන්නාගෙන් එක්කෙනෙක් උස්සලා වෑන් එකට දාගන්නවා මම දැක්කා. අනෙක් ළමයා බය වෙලා කෑ ගැහුවා. වෑන් එක අද්දලා යද්දි මම දුවලා ගිහින් වෑන් එකට පැන්නා.” 

තමා කළ වීර ක්‍රියාව මෙලෙස වචනයට නංවන්නේ දවුලගල, ඇම්බැක්ක ප්‍රදේශයේ පදිංචිව සිටින 24 හැවිරිදි අර්ෂාඩ් අහමඩ් තරුණයාය.

රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා දවුලගල හපුගහයටතැන්න ප්‍රදේශයේදී අධ්‍යාපනය සඳහා යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියෙදී එම පාසල් ශිෂ්‍යාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ අර්ෂාඩ් බව මේ වනවිට මුළු ලංකාවම දන්නා දෙයකි.

මෙම සිද්ධිය එහි අසල තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි. එම දර්ශනවල දක්නට ඇත්තේ මෙම සිද්ධිය වන අවස්ථාවේ අසල සිටි තරුණයෙක් දිව විත් ඔහුගේ කරේ තිබූ බෑගයද අතහැර සිසුවිය පැහැර ගන්නා පුද්ගලයා සිටි වෑන් රථය ඇතුළට පනින අයුරුය.

ඉන්පසු වෑන් රථයේ එල්ලී සිටින තරුණයා වෑන් රථය ඇතුළේ සිටි අයකු සමග පොර බඳන අයුරු හා වෑන් රථයේ එල්ලී සිටි තරුණයා සමග වෑන් රථය වේගයෙන් ගමන් කරන අයුරුද ද එම දර්ශනවල සටහන්ව තිබුණි.

නමුත් එම තරුණයාට කුමක් සිදුවුයේ දැයි දැන ගැනීමේ අදහසින් පොලීසියෙන්ද ඒ පිළිබඳ තොරතුරු විමසා සිටිය ද ඔහු පොලීසියට නොපැමිණි බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අප වාර්තාකරු දවුලගල හපුගහයටතැන්න ත්‍රීවිල් රථගාලෙන් තොරතුරු විමසීමේ දී අර්ෂාඩ්ගේ නිවස පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකිව තිබුණි.

ඉන් අනතුරුව අප වාර්තාකරු අර්ෂාඩ්ගේ නිවසට යන විටත් ඔහු තුවාල සහිතව සිට ඇති අතර, සිදුවීම සමග දැඩි ලෙස කම්පනයට පත්ව සිටි බව ද අනාවරණය වුණි.

“අනේ අයියේ රස්සාවකට මම රට යන්න ඉන්නේ. මේක නිසා මට ඒකත් බැරිවෙයි.” යැයි පවසා අර්ෂාඩ් ඔහු මුහුණදුන් බිහිසුණු අත්දැකීම මෙලෙස පවසා තිබේ. 

“මෙම පැහැරගැනීම මොනවාට ද වෙන්නේ කියලා මම දන්නේ නෑ. ඒත් මේක පාසල් ළමයෙක් පැහැරගැනීමක් කියලා මට තේරුණා. මම වැඩට යන එක පැත්තක දාලා වෑන් එක දිහාට දිව්වා. එතකොට ගෑනු ළමයා වෑන් එක ඇතුළට දාලා ඉවරයි. මම ගිහින් කොල්ලගේ ඇඟේ එල්ලුණා. එයා මට ගැහුවා. ඒත් මම අතහැරියේ නෑ. ගැහැනු ළමයා එළියට ගන්න උත්සාහ කරද්දිම වෑන් එක ඇදලා ඉස්සරහට ගියා. මම එල්ලිලා ඉන්න නිසා ඒ අයට දොර වහන්න බැරි වුණා. ඒ කොල්ලා මට ගහන ගමන් මම අල්ලගෙන හිටිය අත හැපුවා. ඊට පස්සේ මාව වෑන් එකෙන් තල්ලු කරලා එළියට දැම්මා. වෑන් එක වේගයෙන් යන ගමන් මාව පාරට වැටුණා. මට තුවාල වුණා. මම තාත්තාටයි මාමලටයි කෝල් කරලා එතැනට එන්න කිව්වා. මගේ අත, කකුල, මුණ, ඇඟිල්ලි තුවාල වෙලා. තාත්තා එක්ක ගිහින් මම බෙහෙත් දාගත්තා. ඒ වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක තුන් දෙනෙක් හිටියා. මේක අපේ පවුලේ ප්‍රශ්නයක් කියලත් ඒ කොල්ලා කිව්වා.”

කෙසේ වෙතත් අර්ෂාඩ් සිදුකළ මෙම වීර ක්‍රියාව ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා පොලීසියේ ෆේස්බුක් පිටුවේ ද ඉතා අලංකාරවත් දැන්වීමක් පළ කර තිබෙනු අපට දැකගත හැකි විය.

එහි සඳහන්ව තිබුණේ, “පැහැරගත් පාසල් සිසුවිය මුදවා ගැනීමට ගිය තරුණයාට ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රණාමය” යනුවෙනි.

එම දැන්වීම පහතින් දැක්වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka