gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර දවුලගල දී පැහැරගත් සිසුවිය හමුවෙයි… පැහැරගැනීම කළ පුද්ගලයාත් අත්අඩංගුවට!

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවිය සිසුවිය පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා අම්පාර බස්නැවතුම් පොළේ බස්රථයක සිටිය දී සොයාගෙන තිබේ.
ඊයේ  (13) උදෑසන අම්පාර සිට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටිය දී මේ දෙදෙනා සොයාගත් බවත් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන සිසුවියගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති බවත් පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ 19 හැවිරිදි දියණිය පාසල් නිල ඇඳුමින් සැරසී උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා (11) පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකරන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින්ම රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් දැරියගේ පියාගෙන් ඉල්ලුවේය. පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර කළේය. අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු ලක්ෂ 02 ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබිණි. එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50000 ක මුදලක් අදාළ ගිණුමට බැර කළේය.

පැහැර ගැනීම සිදුකර තිබුණේ සිසුවියගේ මස්සිනාය.  එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා කරන සටන සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි. වෑන් රථයේ එල්ලී මීටර් 500 ක පමණ දුරක් ගමන් කළ පසු ඔහුව වෑන් රථයෙන් තල්ලු තරුණිය පැහැරගත් කණ්ඩායම ඇයව රැගෙන ගොස් තිබිණි.

පාසල් සිසුවිය පැහැරගත් වාහනය පසුව පොලොන්නරුවේ තිබී පෙරේදා (11) හමුවුනේය. එය කුලි පදනම මත ගත් වාහනයකි. එහෙත් සිසුවිය සහ ඇය පැහැරගත් පුද්ගලයා ගැන කිසිම තොරතුරක් ඊයේ දිනය තුළ සොයාගැනීමට නොහැකි විය.


මෙම සිසුවියගේ දෙමව්පියන් දියණිය සම්බන්ධව මෙම තරුණයාට විවාහ පොරොන්දු ලබා දී පසුව එය කඩකර තිබුණු බව විමර්ශනවලදී හෙළි විය.

අදාල සැකකරු සහ පැහැරගැනීමට ලක් වූ තරුණිය සොයා ගැනීමත් සමග විමර්ශන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බව විමර්ශන අංශ කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka