ගෙලිඔය - දවුලගල ප්‍රදේශයේදී සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමෙන් දින දෙකකට පසුව අසන්න ලැබුණ මේ ආරංචිය ගැන තවත් අලුත් කතාවක් මේ වෙද්දී එළියට ඇවිත්..
මේ කියන්න යන්නේ දැරණියගල - වල්පොල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් පැහැර ගැනීමේ සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාවයි.. පසුගියදා පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි...
දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසනවා..
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට, මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙක් බවටයි වාර්තා වෙන්නේ.. කෙසේ වෙතත් පැහරගත් බව කියන තරුණිය සහ සැකකරු අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පොලිසිය පවසනවා..
එම ප්‍රේම සම්බන්ධතාවට තරුණියගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් දිගින් දිගටම විරෝධය දක්වා ඇති අතර පසුව මව විසින් එම තරුණිය අත්තනගල්ල ප්‍රදේශයේ ඥාති නිවෙසක දින කීපයක් නවතා තබා නැවත ඉකුත්දා දැරණියගල තම නිවෙසට කැදවාගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා...
මේ සිද්ධිය සිදුව තිබෙන්නේ ගෙලිඔය - දවුලගල ප්‍රදේශයේදී සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමෙන් දින දෙකකට පසුවවීම විශේෂයි..