gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරි දරුවන්ගේ දත් දිරන අලුත් රෝගයක්... වෛද්‍යවරු අනතුරු අඟවයි!

කිරි දරුවන්ගේ දත් එද්දීම දිරායෑම පටන් ගන්නා රෝගයක් හඳුනාගෙන ඇතැයි දන්ත වෛද්‍යවරු අනතුරු අඟවයි.

උපතේදී මෙන්ම නිතර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා ඇතිවන ගැටලු හේතුවෙන් ඇරඹෙන දත් දිරායෑමේ රෝගය චාර්වක හා කෘන්තක දත් වලට කැල්සියම් කැන්පත් වීම අඩුවීමේ රෝගය (MIH) ලෙසින් හඳුන්වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත ශික්ෂණ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා දන්ත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

වයස අවුරුදු හයේදී හක්කේ පළමු චාර්වක දත් හතර මතුවන බවත් මේ ගැන මවුපියන් නොදන්නා මුත් ඒවා ස්ථිර දත් වන බවත් උපතින්ම ඇරඹෙන මෙම රෝග යට ගොදුරු වන ළමයින්ගේ දත් දිරායෑම හේතුවෙන් අඩු වයසෙන් දත් ගලවා දැමීමට පවා සිදුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් අනාවරණය කළාය.

මෙම MIH රෝගයට මුළු ලෝකයේම කුඩා දරුවන් 13.17%ක් පමණ ගොදුරුව ඇති බව හඳුනාගෙන තිබෙන බවත් අපේ රටේ පසුගිය වසර කිහිපය වන විට 10 – 11% ළමයින් මෙම රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති බවත් එම තත්ත්වය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

මේ සදහා විසඳුමක් ලෙසට කුඩා දරුවාගේ පළමු දත මතු වූ දා පටන් ළමා දන්තාලේප භාවිත නොකර ෆ්ලෝරයිඩ් අඩංගු වැඩිහිටියන් භාවිත කරන දන්තාලේපයකින් උදය සවස දරුවන්ගේ දත් මැදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

දත්වල පැහැයේ සුදු හෝ දුඹුරු පාට පෙනේ නම් නොපමාව දන්ත රෝග වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ගත යුතු බවත් මෙසේ සැලකිලිමත් වීමෙන් ඉතා අඩු වයසේදී විශේෂයෙන් හක්කේ පිහිටන ස්ථිර දත් ගලවා දැමීමට සිදුවන ව්‍යාසනයෙන් දරුවන් බේරා ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka