gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලැබූ සැකකාර පුද්ගලයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

සිරියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රියාත්මක අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිලාබ්දින් මොහොමඩ් රිස්වාන් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා අධිකරණ නියෝග මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබල ලබාදීමේ චෝදනාව යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් ඒ අනුව ඒ පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කරගෙන අත්අඩංගුවට ගත් බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka