බිරිඳගේ අනියම් පෙම්වතා ගැම මේ කන වැටුණ ආරංචිය ඔහු කොහොම නම් පිළිගන්නද..? ඒත් ඇත්තට මුහුණදෙන්නම වෙනවා..
මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් කතාවේ අවසානය හිතන තරම් සුන්දර වූවක් නෙවෙයි.. ඇයගේ සැමියා නිවුණු ගති පැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර මේ තරුණිය නම් මදක් කෙලිලොල් හැඩකාරියක වූවා..
මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළා..
සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණයි..
ස්කූටරයේ නැගී ගමන් යන මේ තරුණ කාන්තාව දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු වූ අතර, පුංචි පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වූ අතර පසුව තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදුවුණා..
මේ විදිහට ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ට ද රහසේමයි.. ඔහු සැමියා නැති දිනවල නිවසට විත් රැය පහන් කළේ ඇයගේ උවමනාවටය්
කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව සැකයක් මව්පියන්ට දැනුණ අතර ඒ පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළා.. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළා..
තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක නොකළ අතර, සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව පැවසෙනවා..
එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදු කළ අතරම අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට එදින ගමන් කිරීම අපහසු වී තිබුණා..
කාන්තාවගේ නිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළේ පෙම්වතා වගේම මේ කාන්තාවද පුදුමයට පත් කරමින්..
කිසිවක් සිතා ගැනීමටනොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තා... විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවා... එය ඔහුට සැකයක් උපදවන්නට වුණා..
කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස නිවසට පිවිසි අතර පැයක් දෙකක් වැඩිපුර නින්දට ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ නැවත සැකසීමේදී කොට්ටය යට තිබී ලියුම් කවරයක් හමුවී තිබුණා...
එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රියදුරු බලපත්‍රයක් යතුරු පැදියක රක්ෂණ සහතිකයක් දවුණා.. බිරියගෙන් එය විමසුවද හරි පිළිතුරක් නොලැබුණ අතර, කුඩා දරුවා මහ ගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳවත් යතුරු පැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවා..
කොට්ටය යට තිබී හමු වූ බලපත්‍රය සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණේ ඇයට වෙන කරන්න දෙයක් නොමැති නිසා වෙන්න පුළුවන්...