gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත ගෙනා ලේලිය සෑදු කිරි හොද්දේ රස බැලූ මනමාලයාගේ පවුලට ම, තරු පෙනිලා.. අවසානයේ වෙලා තියෙන්නේ නොසිතූ දෙයක්...

විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙනවා.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.

කිරි හොද්දක් සාදන ආකාරය පිළිබඳ සිය මවගෙන් දුරකථනයෙන් විමසුවා යැයි කියන තරුණ මනමාලිය පුත්තලම ප්‍රදේශයේ උපත්තියකි. ඇගේ වයස අවුරුදු 25 කි. මනාලිය උපාධිධාරිනියකි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු සිටින ඇගේ මව්පියෝ තවමත් පුත්තලමේ රජයේ රැකියා කරති.

මනාලිය කුඩා කල සිටම මව්පියන් ඉතාමත් ආදරයෙන් රැකවරණයෙන් අත් උදවිකාරියකගේ සහයෝගයෙන් ඇති දැඩි කළාය. ඒ පවුලේ එකම එක ගැහැනු දරුවා නිසාය.

විවාහය දක්වාම ඇය කවදාවත්ම තමන්ගේ රෙදි ටික සොදා වේළා ගත්තේ නැත. හදිසියකට කවදාවත් බතක් උයා සම්බෝලයක් හැදුවේ ද නැත. සියල්ල මව්පියන් අතින් හා අත් උදව්කාරිය අතින් සිදු කෙරිණි.

ඉකුත් දිනෙක ඇගේ විවාහ මංගලය මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.මනාලයා දින දෙකකට පසුව සිය මනාමාලිය ඇගේ නිවසට කැන්දාගෙන පැමි ණියේ උඩරට වෙස් නර්තන කණ්ඩායමක් ද පෙරටුකොට ගෙනය.

සති දෙකකට පසුව මනාලයාගේ මව රාත්‍රි කෑමට ඉඳිආප්ප තම්බා කුකුල් මස් ව්‍යාජනයක් සමඟ සම්බෝලයක් ද සාදා ඇඟපත සෝදා ගැනීමට යාමට සූදානම් වූවාය.
                                                                                                        
ඊට පෙර " දුව පොල් බෑයක් ගාලා කිරි හොද්දක් හදන්න. මම ඉක්මනට ඇඟපත සෝදාගෙන එනවා'' යි පවසා මව කුස්සිය දොරෙන්ම පහළ ළිඳට ගියාය.

මනාලිය පොල් බෑය ගා ගත්තද කිරි හොද්ද සාදන්ට තරම් දැනුමක් නොවීය.

කිරි හොද්ද හදලා තිබ්බෙ නැති වුණොත් වස ලැජ්ජාවයි මනාලිය තනියම කල්පනා කළාය. පසුව ඇය දුරකථනය රැගෙන පුත්තලමේ පදිංචි මවගෙන් කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ විමසුවාය.

එහිදී මව සිය දියණියට කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ කියා දී තිබුණද පසුව ඇය කිරි හොද්ද ඍදූ අවස්ථාවේදී පොල් කිරි කැටිගැසී තිබූ බව ද වාර්තා වෙයි.

පසුව පවුලේ සියලු දෙනා රාත්‍රි ඉඳිආප්ප කෑමට කෑම කාමරයේ මේසයට ගිය අවස්ථාවේදී අලුත ගෙනා මනමාලි හැදු කිරි හොද්දෙන් හැමෝගෙම මුණු ඇඹුල් වී ගියාලු.
චමින්ද වැවතැන්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka