ඔහු අනඟ රැඟුම්වලට දක්ෂ අයෙක් බව බොහෝ දෙනා දැන සිටි කාරණයක්..
ගමේම අනංගයා වගේ සිටි මේ පුද්ගලයාට කාලයෙක් කාලයට ඇසුරු කරන්න කාන්තාවන් ඉන්න එක නම් සාමාන්‍ය දෙයක්.. ඒත් මේ වගේ නොසිතූ වෙලාවක ඔහුටත් වැඩ වැරදුණේ ගම පුරාම මේ කතාව ප්‍රසිද්ධ වෙමින්..
ඔහු ගොඩක් වෙලාවට විනෝදයට බර පුද්ගලයෙක්.. නිතරම සරම හැඳ සිටින මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබුණා.. ඇයද දෙදෙරු මවක්..
මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව රැකියාවක් කරන අයෙක් බවටයි වාර්තා වෙන්නේ.. ඒ නිසාම ඇය මව පියා සහ බාල සහෝදරයින් සමඟ මහ ගෙදර ජීවත් වුණා.. කොහොම හරි පිරිසක් ජීවත් වෙන මේ ගෙදරටත්, මෙම මැදි වයසේ පුද්ගලයාද බොහෝ අවස්ථාවල මහ රෑ හොරෙන් පැමිණීම පුරුද්දක් කරගෙන සිටියා.. පසුගියදා දිනෙක ඔහු නිවසට පැමිණ ඇති අතර තාප්පයෙන් පැන වත්තට ඇතුල් වීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහු හැඳ සිටි සරම බැම්මේ පැටලී නිරුවතින් බිමට වැටී තිබුණා.. ඔහු බිමට වැටී තිබුණේ තාප්පයට හේත්තු කර තිබූ තහඩු කිහිපයක්ද පෙරළගෙනයි..
ශබ්දය කුමක්ද යන්න ඇසී නිවසේ නිදා සිටි අනෙක් අය මිදුලේ ලයිට් දමා ඇති අතර ඒත් සමඟම කලබල වූ ඔහු යළිත් ඉක්මනින්ම තාප්පයට නැග අනෙක් පසට පැන ගත්තා.. එහෙත් ඔහුට සරම හැඳ ගැනීමට වෙලා නොවූ නිසා සරම බැම්මේම තබා පැනයන්නට වුණා...
ඒ සිදුවූ ලැජ්ජාවෙන් හා කළ වරදින් නිවැසියන්ගෙන් බේරීමට හිතාගෙන වෙන්න ඇති.. කොහොම වුණත්, අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න නිවැසියන් හඳුනාගෙන තිබෙන අතර අදාල කාන්තාවගේ සැමියාටද මේ බව ආරංචි වී තිබුණා.. සිදුවූ සියල්ලේ සුලමුල දැනගත් ඇගේ පියා විසින් ඇයට දැඩි ලෙස අවවාද කරමින් කියා තිබෙන්නේ එම සම්බන්ධය වහාම නතර කරන ලෙසයි..