තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චිතගොං කිංග්ස් කණ්ඩායම සමඟ පිටියට නොපැමිණ ආරම්භ කළ තරග වර්ජනය තවමත් පවත්වමින් ඇත.
චිතගොං කිංග්ස් කණ්ඩායමේ පාලන අධිකාරිය ක්‍රීඩක කොන්ත්‍රාත්තුවලට ගරු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් පෙරේදා (22) තරගයෙන් ඉවත් වූ බිනුර ඉන් පෙර එම කණ්ඩායම වෙනුවෙන් තරග 03කට ක්‍රීඩා කළේය. ඔහු විරෝධය පළ කරමින් ඉන්නේ තවදුරටත් චිතගොං කිංස් කණ්ඩායමේ සංචිතයේ රැඳී මිටිමිනි.
මෙම ගෙවීම් පැහැර හැරීම පිළිබඳ ගැටලුව මින් පෙර ඩර්බාර් රාජ්ෂාහි කණ්ඩායමේ ද මතුවූයේය. ඩර්බාර් රාජ්ෂාහි ක්‍රීඩක ළහිරු සමරකෝන් එහිදී සඳහන් කළේ තමන්ට මේ දක්වා එක ශතකය මුදලක්වත් ලබා දී නැති බවය. තමන් හැමදාම ඔවුන්ගෙන් කොන්ත්‍රාත්ගත ගෙවීම් පිළිබඳ විමසන බවත්, හැමදාම දිනෙන් දින මුදල් ගෙවිම පැහැර හරින බවත් ලහිරු සමරකෝන් පවසා තිබිණි.
කෙසේ වෙතත් බීපීඑල් ලීගය සංවිධාකයින් කිසිවෙක් මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.