gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝෂිතට ඇප නෑ… 27 දක්වා රිමාන්ඩ්…!

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද (25) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු බෙලිඅත්තේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, ඔහුගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නමැත්තිය හා එක්ව නිවසක් මිලදීගැනීමේ සිද්ධියකට අදාළවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසිනි.

අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවේය.

එහිදී පැය 4කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර කරගනු ලැබීය.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලානේ, සිරිමල් පෙදෙසේ පිහිටි නිවසක් හා ඉඩමක් රුපියල් මිලියන 34ක මුදලකට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළවයි.

එම නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ උදෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කළ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ නඩුවේ සැකකරුවකු ලෙස යෝෂිත රාජපක්ෂ නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවද පොලීසිය පැවසීය.

අදාළ නඩුවේ ප්‍රධාන සැකකාරිය වන්නේ, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේස් ෆොරස්ට් නම් කාන්තාවයි.

මේ අතර සිය සොයුරාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

පැය 4කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මියගේ නිල නිවස වෙත ඉදිරිපත් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka