gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපන්දිනයට බිරිය පුදුම කළ සැමියා පහුවදාට සැමියාම පුදුම වෙලා.. අනේ දෙයියනේ මෙහෙමත් බිරිදක්..

තම බිරියගේ උපන් දිනය දා ඇය පුදුම කරවන්න අරුම පුදුම උපායක් යෙදූ ස්වාමිපුරුෂයකු පිළිබඳ ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබෙනවා.
උපන්දිනය දා ඇය සේවය නිම වී නිවෙසට පැමිණිවිට නිවෙසේ එකම උත්සවශ්‍රීයකි.

බැළුම් බෝල ඉදිරිපස උළුවස්සේ එල්ලා තිබිණ. නිවෙසේ බිත්තිවල ක්‍රේප්වලින් සහ මල්වලින් අලංකාරවී තිබිණ.

සාලයේ මේසය මත ලොකු දැකුම්කළු කේක් එකකි. එහි ඇගේ නමද විය. හැපී බර්ත්දේ කියා ඉංග්‍රීසියෙන් ද ලියා තිබිණ. ඉටිපන්දම් ද ඊට නොදෙවැනි ආකාරයට කේක් එක පුරාය. බිරියට සතුටුය.

සැමියා ගැන ආඩම්බරයක් ද ඇතිවිය. අනේ දෙවියනේ මෙයාට මගේ උපන්දිනේ අමතක වෙලා නැතැයි ඇය සිතුවාය.

තමා පුදුම කරන්න මටත් නොකියා මෙයා කළදේක මහත යැයි ඇය කියමින් සතුටු කඳුළු සලමින් ඇඟපත සෝදා සැමියා ගෙනත් තිබූ අලු‍ත් ඇදුමක් ද ඇඳ තමාගේ උපන්දිනය සැමරීමට ඇය සූදානම් වූවාය.

දරුවෝද මේ අවස්ථාවට එක්වී සිටියහ. සුබ පතමින් සියල්ලෝම කේක් කපමින් උපන් දිනය සැමරූහ.

රාත්‍රී කෑමද නිවෙසේ සිටින අය ගාණට කඩෙනි. ඒ විතරක්ම නොව ඔහු හොඳ කට ගැස්මක් එක්ක හොඳ බෝතලයක්ද ගෙනැවිත් තිබිණ.

එදා රැය පහන් කළේ වෙනදා නොවූ සතුටිනි. එයට හේතු ගොඩකි. භාර්යාවගේ උපන්දිනය සමරා ගතවූයේ දින දෙකකි.

ඇය කාර්යාලයේ අවශ්‍යතාවකට නගරයේ බැංකුව වෙත ගිය ගමනේදී කාලයකින් ලකුණු කරගන්න බැරිවූ සිය බැංකු පොත ලකුණු කර ගත්තාය.

එහිදී තමා නොගත්තද රුපියල් දහස් ගණනක් අඩුවී තිබිණ.

තමා නොදැනුවත්වම මුදල් ලබාගෙන තිබුණේ තමාගේ ජන්ම දිනය දා උදේ බැවින් ඇයට සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.

බැංකු කාඩ් පතේ රහස්‍ය අංකය දන්නා සිය සැමියා තමාගේ ගමන් මල්ලෙන් එය සීරු මාරුවට ගෙන එමගින් මුදල් ලබාගෙන තමාගේම උපන්දිනයට එම මුදල් වියදම් කර ඇති බව ඇයට අවබෝධ විය.

මේ ගැන ඇය විමසූවිට ඔහු කීවේ ''මේ වගේ වැඩවලට කියන්නේ සර්ප්‍රයිස් කරනවා කියලනේ.ඔයාගේ උපන්දිනයෙන් ඔයා සර්ප්‍රයිස් කරන්නයි එහේම කළේ..".කියමින් ඔහු එතැනින් ලිස්සා ගියේ භාර්යාවගේ මුහුණේ තිබූ රෞද්‍ර බැල්මෙන් එහාට ගිය දෙයක් සිද්ධ වුවහොත් නිවෙසට අලු‍ත් කොස්සක් ගෙන ඒමට සිදුවෙතැයි බියෙනි.
gossip lanka

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka