gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බාර් ලයිසන් බෙදිල්ල ගැන රනිල් දාපු නිවේදනයට අද ආණ්ඩුවෙන් උත්තර දෙයි! රනිල් එක්ක හිටපු ඇලෝෂියස්ලා තියපු සුරා බදු පොල්ල ගැනත් එළියට එයි! VIDEO

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඒ මහතාගේ කාර්යාලය ඊයේ (9) නිකුත්කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයාගත් බවයි.

තවදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා අවුරුද්දකට බාර් ලයිසන් 250ක් 300ක් දීලා ඒකෙන් ලැබෙන බදුවලින් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරන්න බලාපොරොත්තුව තිබ්බේ කියලා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මේ ආකාරයට ඉතාම උපහාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.

බාර් ලයිසන් දෙන එක නෙමෙයි වැඩේ. ඒ බාර් ලයිසන් දීලා ඒ විකුණන අරක්කුවලට ජනතාව ගෙවන බදු මුදල් එකුත් කරගන්නවත් රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා තිබුණේ නෑ. උදාහරණයක් ලෙස ඇලෝසියස්ට අයිති සමාගම් තුනේ ඔවුන්ගේ හිඟ බදු සහ අධිභාරය තියෙනවා 2022 ඉදන්. බාර් ලයිසන් දෙන්න තීන්දු ගන්නකොට නොගෙවූ බදු එකතු කරන්නත් තීන්දුව ගන්න තිබුණා. 

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු තියෙනවා බිලියන 7කට ආසන්න ප්‍රමාණයක්. අපි කටයුතු කරන්නේ එම බදු අයකර ගන්න. අපට පනතෙන් බලය තිබුණා නම් ඒ හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ රජයට අත්පත් කරගන්න…ඒකත් රජය කරනවා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්න කැමතියි මේ රටේ බාර් වවන වෙලාවේ පොල් වැව්වා නම්, රටේ වී ගබඩාටික හැදුවා නම්  අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ”.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka