gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට මහ පාරේ සෙල්ලම් බෑ... ජනතාවට විශේෂ නිවේදනයක්!

අද (23) දිනයේ සිට වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන වලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව රථවාහන මෙහෙයුම සිදු කිරීමට නියමිත බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.

බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සදහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.

විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධව 119 හා 1997 යන කෙටි දුරකථන අංක වලට තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව පවතී.

අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංකය වෙත හෝ පහත සඳහන් අනෙකුත් රථවාහන කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකථන අංක වෙතද තොරතුරු ලබාදීම සිදුකළ හැකිය.

මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් එම වීඩියෝ පටද වස්ඇප් මගින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට හැකියාව පවතින අතර එම තොරතුරු අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පොලීස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

අද (23) දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලීස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka