gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉස්පිරිතාලවල දොස්තරලා නෑ! – අවුරුදු දෙකකට 2200ක් රට ගිහිල්ලා – තව 5000ක් යන්න ලෑස්ති වෙනවා!

වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

2022 වර්ෂයේ සිට වෛද්‍යවරු 2200ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බවත්, ඒ අතර විශේෂඥවරු 700 ක් පමණ පිරිසක් ද ශ්‍රේණිගත වෛද්‍යවරු 1500ක පිරිසක් සිටින බවත් රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කරයි.

මෙයට අමතරව මේ වන විට විදෙස්ගත වන්නට සුදුසුකම් ලැබ ඇති වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 5000 කට අධික බව ද ඔහු කීය.

මේ නිසා හදිසි ප්‍රතිකාර ළමා රෝග මානසික රෝග අංශවල ප්‍රතිකාර සිදුකරන්නට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ද ඔහු පෙන්වාදුන්නේය.

වෛද්‍යවරුන් රට හැරයෑමේ ප්‍රශ්ණයට දිගු කාලීන විසදුමක් ලබාදෙන්නට කටයුතු නොකර පසුගිය කාලයේ රට පාලනය කළ ආණ්ඩු විසින් පැලැස්තර විසදුම් තීරණ ගත් නිසා මෙම ප්‍රශ්නය වර්ධනය වු බව ද හෙතෙම කීය.

ඒ නිසා මෙම වෛද්‍යවරුන් රට හැරයෑමේ ප්‍රශ්ණය විසදීමට නව ජනාපධිති අගමැති හා විෂයභාර අමාත්‍යවරයා යම් විධිමත් විසදුමක් ලබාදෙනු ඇති බව විශ්වාස කරන්නේ යැයිද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka