gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අහසේදී කතකට අතවර කර ලංකාවේ නම තියපු කෙනෙක් ඕස්ට්‍රේලියාවේ උසාවියට!

අන්තර්ජාතික ගුවන් යානයකදී අශෝභන ලෙස හැසිරුණු බව කියන ශ්‍රී ලාංකිකයකු ඊයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි උප නගරයක් වන බ්‍රෝඩ්මෙඩෝස් හි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පැවසුවේ ඊයේ ශ්‍රී ලංකාවේ සිට මෙල්බර්න් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් 41 හැවිරිදි මෙම පුද්ගලයා මගී කාන්තාවකට අශෝභන ක්‍රියාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

එම කාන්තාව විසින් සිද්ධිය පිළිබඳව ගුවන් සේවා කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය දැනුවත් කර තිබේ.

ගුවන් යානය මෙල්බර්න් ගුවන් තොටුපොළට පැමිණි විට පොලිස් නිලධාරීන් එහි මගීන් සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වා ඇත.

අපරාධ (ගුවන් සේවා) පනත යටතේ අශෝභන ක්‍රියාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇතැයි ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

එවැනි වරදකට උපරිම දඬුවම ලෙස වසර 7ක සිරදඬුවමක් හිමිවේ.

කෙසේවෙතත් අධිකරණය මගින් සැකකරුට අද දිනයේදී ඇප ලබා දී ඇති අතර 2025 ජනවාරි 9 වැනි දින මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ රහස් පරීක්ෂක අධිකාරී ස්ටීවන් කුක් පැවසුවේ සියලුම සංචාරකයන්ට ආරක්ෂිත බවක් දැනීමට අයිතියක් ඇති බවත් ගුවන් යානයක ඇතුළුව ඕනෑම ආකාරයක නුසුදුසු හෝ අහිතකර හැසිරීමක් සඳහා ඕස්ට්‍රේලියානු පොලීසිය ඉඩනොතබන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka