gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලනී කොටට ඇඳලා! සනත් ෂර්ට් එක ගලවගෙන! ටිකක් කරුවලත් වැටිලා! කවුද මේක හොරෙන් ගත්තේ?

පින්තූරයක කතාවට මේ සැරේ ‘හාට්’ එකට ලැබුණේ හරිම සුවිශේෂ පින්තූරයක්. ඒ සොයාගැනීම අහම්බයක්. සුපිරි අහම්බයක්. හරියටම අර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගෙයි ඇන්ජලා සෙනෙවිරත්නගෙයි ෆොටෝ එක වාගේ. ආයෙම වතාවක් මේ විදියේ ෆොටෝ එකකට කැමරාව ක්ලික් කරන්න කිසිම ෆොටෝග්‍රැෆර් කෙනකුට බැරිවෙයි. සමහර විට එදා අර කියන ෆොටෝ එකට වැඩිය මෙදා මේ ෆොටෝ එකට ලියන්න හිතට එන කතා ගොඩක් තියෙනවා.

ඒ කතා අපි මෙහෙම පටන්ගමු. 

සිත්සර සිනමා පත්තරේ කියන්නේ ඒ කාලේ ජනප්‍රියම පත්තරයක්. ස්මාර්ට් ෆෝන් සෝෂල් මීඩියා නැති ඒ කාලේ ලංකාවේ ඉන්න චිත්‍රපට පිස්සෝ නළු නිළියෝ ගැන ඕපාදූප කියවන්න අලුතෙන් එන ෆිල්ම්ස්වල තොරතුරු දැනගන්න සිනමා පත්තර අරගෙන පත්තරකාරයා ගේට්ටුව ළඟට ඇවිදින් බෙල් එක ගහනකල් උදේට බලන් හිටියා. නැත්නම් හන්දියට ගිහින් පත්තරේ අරගෙන ආවා. කොහොම හරි කමක් නැහැ සිත්සර කියන්නේ ඒ සිනමා පත්තර අතර ජනප්‍රියම පත්තරයක්. පත්තරේ කර්තෘ ධුරය දැරුවේ ප්‍රවීණ ලේඛක ආතර් යූ. අමරසේන මහත්මයා. ඒ හින්දමද මන්දා ඔහුගෙයි ඔහුගේ ප්‍රිය බිරිය වූ ප්‍රවීණ සම්මානනීය නිළි ශ්‍රියානි අමරසේනගෙයි ඇඟෑලුම්කමට වෙන්නැති සිත්සර පත්තරයට ඉන්ටර්විව් දෙන්නයි, වෙනත් පත්තරවලට ලේසියකට නොදෙන පින්තූර දෙන්නයි සහෝදර කලා ශිල්පීන් පස්ස ගැහුවේ නැහැ. නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ෂෝටක් ගහලා, උඩුකය නිරාවරණය කරගත්ත ජනප්‍රිය නළු සනත් ගුණතිලක එක්ක බොහොම සමීපව ඉන්න මේ ෆොටෝ එකත් ඒ ජාතියෙ සුවිශේෂ ෆොටෝ එකක් තමයි.

කාලවකවානුව වැරැදි නැත්නම් මේ 1981 හෝ 1982 අතර කාලය. ටිකක් එහාට මෙහාට වුණත් බොහෝ විට ඒක එහෙම වෙන්න පුළුවන්. මේ වෙනකොට ‘සිටු කුමරියෝ’ තිරගත වෙලා ඉවරයි. සිටු කුමරියන්ට අලුත් නළුවෙක් ගන්න විජය ධර්මශ්‍රීට හිතක් පහළ වෙලා තිබුණා. ඔඩිෂන් එකට සනත් ගුණතිලකත් එදා ඇවිදින් හිටියා. අලුත් නළුවා තෝරන ජජ් බෝඩ් එකේ මාලනී ෆොන්සේකාත් හිටියා. ‘සිටු කුමරියෝ’ ෆිල්ම් එකේ අසංකගේ චරිතයට සනත් ගුණතිලක හොඳයි කියලා විජය ධර්මශ්‍රී කියනකොට මාලනීත් එය සතුටින් අනුමත කළාය කියනවා.

‘සිටු කුමරියෝ’ එකේ සනත්ගෙ පෙම්වතියට හිටියෙත් මාලනීමයි. සරත් කවිරත්න සතුට පත්තරේට ලියපු ප්‍රේමණීය චිත්‍ර කතාවක් ඇසුරෙන් හදපු ඒ ෆිල්ම් එක 81 තිරගත වෙනකොට සනත් ඊට දෙවැනුව වසන්ති එක්ක රඟපාපු ‘ගඟ අද්දර’ ෆිල්ම් එක ඊට කලින් තිරගත වෙලා බොක්ස් ඔෆිස් වාර්තාත් තියලා ඉවරයි. ඒ අල්ල පනල්ලෙම හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘සත්වෙනි දවස’ත් ආවා. එතකොටත් සනත් තරුණ කෙල්ලන්ගේ පාසල් යන බාලිකාවන්ගෙ වගේම මැදිවියේ ගැහැනු හිත්වලත් ක්‍රෂ් එක වෙලා ඉවරයි. නිළි රැජින මාලනීත් ගැහැනු හිත් තුළ සිහින කුමාරයා වෙච්ච සනතුත් පෙම්වතුන් හැටියට රඟපාන හැම ෆිල්ම් එකක්ම බලන්න සිනමා ලෝලීන් ප්‍රිය කළ නිසා ඒ හැම එකක්ම සාර්ථක වුණා. සත්වෙනි දවසත් බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. මේ ජෝඩුව දාලා කවර් පේජ් කරන්න ෆොටෝග්‍රැෆර්ස්ලට වගේම පත්තර කන්තෝරුවල එඩිටර්ස්ලටත් තිබුණේ පුදුම පිස්සුවක්. සිත්සර පත්තරේ මේ කවර් පේජ් එකත් ඒ වගේ. උමතුවකට ගත්ත එකක් තමයි.

බලන්න ඒ දෙන්නගේ ආලිංගනය. බැල්ම, කැල්ම මොන තරම් අපූරුයිද කියලා. ‘සසර චේතනා’ ෆිල්ම් එක හදන්න මාලනී, සනත් ඇතුළු කණ්ඩායම එක්ක ඉන්දියාවට යනකොට සනතුයි, මාලනී අතර ආදරණීය හාදකමක් තියෙනවාය කියන රසවත් ඕපාදූපය මාධ්‍ය සහ සිනමා කාර්මාන්තය පුරාම වයිරල් වුණා. ලස්සනම පිරිමි මුහුණට හිමි ඡායාරූප තරගයකිනුත් සනත් ඒ දවස්වල ප්‍රථමයා වුණා. පත්තරවල යන නවකතාවල ඒ කාලේ තිබුණෙ නළු නිළියන්ගේ පින්තූර. අන්න ඒ වගේ කතා කීපයකමත් සනතුයි මාලනීයි හිටියා මතකයි. කෙල්ලෝ ඒ දෙන්නා ඉන්න ලස්සන පින්තූර කපලා පාඩම් පොත් අස්සේ දාගෙනත් තිබුණා.

සුවිශේෂ බැඳියාවක් සහ ප්‍රේමයක් ඒ දෙන්නා අතර තියෙනවාය කියලා මොන තරම් රසැති ඕපාදූප හැදුණත් ඉන්ටර්විව්වලදී ඒ ගැන කතාබහ ආවත් මාලනී වගේම සනතුත් කවදාවත් එයට ‘ඔව්’ කිව්වේ නැහැ. ඒක පිළිගත්තේ නැහැ. කොහොමත් සනත් ජනප්‍රිය වෙන්න ඒක හේතුවක් වුණේ මාලනීගෙත්, ඔහුගෙත් ඒ ජෝඩු විලාසිතාවයි, ගාමිණී – මාලනී සහ විජය – මාලනී තාලෙටම සනත් – මාලනී කපල් එකත් සිනමා ලෝලීන්ට ක්‍රෂ් එකක් වුණා. ඒ ක්‍රෂ් එක කෙමෙන් කෙමෙන් හීන වෙන්න ගත්තේ සනත් – සබීතා ජෝඩු විලාසිතාව ෆිල්ම්වල දිගහැරෙන්න ගත්තමයි. සනත් – සබීතා සිනමා ප්‍රේමයත් සමග සනත් – මාලනී පෙම්වත් සංකලනය එහෙම්මම යටපත් වුණා.

සිනමාවට ළැදි පත්තර කලාවට සමීප කවුරුත් හෙව්වා, ඒ දෙන්නගේ ලස්සන පින්තූර කෝ, ඒ අදරණීය බැඳීමට මොකද වුණේ කියලා. ඒත් ඒවට උත්තර ලැබුණේ නැහැ. හැමදාමත් වාගේ එහෙම ප්‍රේමයක් ආලයක් තිබුණාය කියලා මේ ජනප්‍රිය නළුවයි නිළියයි කවදාවත් පිළිගත්තෙත් නැහැ.
කොහොමත් මේ ලියවිල්ල අවසාන කරන්න කලින් තව එකක් නොලියා බැහැ.
නෙළුවන් අතර සනත් ගුණතිලක කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.

80 දශකයේ පැමිණි නළුවො මොන තරම් හිටියද? අද එයාලව හොයාගන්නත් නැහැ. හැබැයි සනත් තවමත් ෆේමස්. අදටත් ඔහු ඉන්නවා. තවමත් කවුරුවත් ඔහුව හොයනවා. සත්තකින්ම ඔහු බ්‍රෑන්ඩ් එකක්.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka