gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතා ගැන සැක සිතී ටික් ටොක් ආද­ර­ව­න්තිය කෝච්චි­යට බෙල්ල තියලා!

තම පෙම්වතා වෙනත් සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන යන බවට සැක සිතී සුරූපී තරු­ණි­යක් මුන්ද­ලම නව­ද­න්කු­ලම ප්‍රදේ­ශ­යේදී පෙරේදා (17) දුම්රි­යට ගෙල තබා දිවි නසා­ගෙන ඇතැයි මුන්ද­ලම පොලී­සිය පව­සයි.මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස ජීවි­ත­යෙන් සමු­ගෙන ඇත්තේ මුන්ද­ලම නුග සෙවණ ගමේ පදිං­චිව සිටි ආර්.ඒ.පියුමි මල්ශානී නැමති 20 හැවි­රිදි පෞද්ග­ලික ඇඟ­ලුම් ආය­ත­න­යක සේවය කර­මින් සිටි අයකු බව ද පොලි­සිය කියයි.

මාර­විල ප්‍රදේ­ශයේ ඇඟ­ලුම් ආය­ත­න­යක සේවය කර­මින් සිට ඇති තරු­ණිය එම ඇඟ­ලුම් ආය­ත­න­යේම සේවය කරන තරු­ණ­යකු සමඟ පෙම් සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත් එම තරු­ණයා ද තරු­ණි­යගේ නි‍ෙව­සට ද පැමිණ ඇති බවත් කියයි.

දෙදෙනා අතර නිර­න්ත­ර­යෙන් දුර­ක­තන ඇම­තු­ම්ව­ලදී බහින් බස්වීම් සිදු­වන බවත් ඇගේ මව පොලි­සි­යට ප්‍රකාශ ලබා දී ඇත.එසේ තිබි­යදී මේ තරු­ණිය දුම්රිය මාර්ගය ආස­න්නයේ පිහිටි නි‍ෙවසේ සිට ගමන් කර­මින් සිටි­යදී මව ඒ පිළි­බ­ඳව විමසා ඇති බව කියයි.

මුහුණ සෝදා­ගෙන එන්නම් අම්මා කියා ගිය තරු­ණිය ගැන සැක නොසිතූ මව ඇය නි‍ෙව­සට පැමි­ණීම ප්‍රමා­ද­වීම නිසා නැවත පැමිණ විප­රම් කර බලා ඇති අතර ඇය නොමැ­ති­වී­මෙන් දුම්රිය මාර්ගය දෙස බලා ඇත. එහිදී ඇය ඒ වන විටත් ඈතින් දුම්රිය දෙසට දිව යන අයුරු මව දැක තිබේ. එහිදී මව එම දුම්රිය මඟින් ඉවත් වන ලෙස මහ හඩින් කෑග­ස­මින් දිව ගොස් ඇතත්, ඒ වන විටත් ඇය එක්ව­රම දුම්රිය මඟේ දිගා වී ඇති බව වාර්තා වෙයි.

දුම්රියේ ගැටී­මත් සමඟ මේ තරු­ණි­යගේ සිරුර කැබලි ලෙස වෙන් වී විසි වී ගොස් ඇති අතර පසුව දුම්රිය රියැ­දුරු දුම්රිය නවතා සිරුර මදු­ර­න්කු­ලිය දුම්රිය ස්ථාන­යට රැගෙන ඒමට කට­යුතු කර තිබුණු අතර පසුව සිරුර පුත්ත­ලම මූලික රෝහ­ලට රැගෙන ඒමට කට­යුතු කර තිබුණි.

සුරූපි මේ තරු­ණිය ටික් ටොක්වල ජන­ප්‍රිය වී ඇති අතර විශාල පිරි­සක් ඇගේ ටික් ටොක් ගිණුමේ සිටින බව ද කියයි. තරු­ණි­යගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පුත්ත­ලම මූලික රෝහ­ලේදී පෙරේදා (17) පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණි. මුන්ද­ලම පොලි­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අසිත ලක්රු­වන් මහ­තාගේ උප­දෙස් මත පොලිස් සැර­යන් (38085) අම­ර­සිංහ මහතා අදාළ මර­ණය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට එක්ව තිබුණි.
( පුත්ත­ලම  - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)
gossip lanka

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka