විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහා බැංකුව සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කර දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිටම මුදල් ඉපැයිය හැකි රැකියා අවස්ථා තිබෙන බවට පවසා ජනතාව නොමග යවන සුළු ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි.
සමාජ මාධ්‍යයේ එම දැන්වීම්වල ඇති ලින්ක් (Link) එක ක්ලික් කළ විට පරිශීලකයාව රැගෙන යන්නේ නිල ලාංඡනය සහිත වෙබ් අඩවියට නොව වෙනත් වෙබ් අඩවියකට බවත් එම දැන්වීම් පළ කරන්නේ ව්‍යාජ මුහුණු පොත් ගිණුම් ඔස්සේ බවත් එම වෙබ් අඩවි තුළට සිය පුද්ගලික ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ සදහන් කරයි.