අහුන්ගල්ල රියූ සංචාරක හෝටලය ඉදිරිපිට දි මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ගිනි අවියක් පෙන්වීමට යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි පහරින් මිය යෑමේ සිද්ධියට අදාලව පොලිස් විශේෂ කාර්යය බලකායට එරෙහි නඩුව නිශ්ප්‍රභා කිරීමට බළපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ ඊයේ (10) කටයුතු කළේය.
මෙම නඩුවේදී බොරු සාක්ෂි දීම යටතේ මෙම සංවිධානාත්මක අපරාධ කරුවන විශේෂ කාර්ය බලකාය හා වෙඩි හුවමාරුවෙන් මියගිය කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නැමැති අයගේ අනියම් බිරිය වන නාඹටුන්න පියුමි වත්සලා නැමැති අයට එරෙහි 2049/2022 නඩුව 2025 මාර්තු 25 වන දින කැඳවීමටද මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය
මියගිය ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නැමැති අය සඟවා තිබූ ගිනි අවිය රැගෙන එම ගිනි අවියෙන් වෙඩි තැබීමට තැත්කිරීමේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් තබන ලද වෙඩි පහරින් තුවාල ලබා බලපිටිය මූලික රෝහල ගෙනයන අතරතුරදී 2022 ඔක්තෝම්බර් 13 දින මියගොස් තිබිණ.
අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය බණ්ඩරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගනය අසල කැලෑ රොදක් තුළ ගිනි අවිය පෙන්වීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී තිබේ. මෙසේ ඝාතනයට ලක් වූයේ තනමල් විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙකි. මේ සිද්ධිය සම්බන්ධ නඩුව බලපිටිය මහාධිකරණයේදී විභාග වෙමින් පවතින අතරතුර එහිදී මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් පොලිස් විශේෂය කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේට එරෙහිව සාක්ෂි ගොනුකර ඔහු විසින් තම ඥාතියා වෙඩි තබා මරා දැමූ බවට අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග ලබා දුන් අතර මෙම නඩුව බලපිටියේ මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණි. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීති පතිවරයා විසින් ලිපියක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙහි කිසිදු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවයි. ඒ අනුව මෙම නඩුව ඊයේ (10) දින දක්වා කල් තබා තිබිණ.
අහුන්ගල්ල රියූ හෝටලය අසලදී 2022 ඔක්තෝම්බර් 12 දින දහවල් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඝාතනයට ලක් වූ අය සමග තවත් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත් අඩංගුවට ගෙන එවකට බළපිටිය මහේස්ත්‍රාත්වරයාගේ රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන ලදී. මෙසේ රැදවුම් නියෝග ලබා දුන් එක් සැකකරුවෙක් වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ කිළිනොච්චිය කඳවුරට අනුයුක්තව සේවය කරන මාණ්ඩලික සැරයන් ගුණනෙත්තිගේ සුසන්ත කුමාර (41) නැමැති අයටය. මොහු මැදකඩේ, දියතුරේ, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිස් විමර්ශන වලදී තහවුරු වී තිබේ.
සැකකරු තමන්ට අයත් රාජකාරි ගිනි අවිය වන අංක 2612651 දරණ ටී -56 ගිනි අවිය මෙම වෙඩි තැබීම සදහා ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. සැකකරු සිය කිලිනොච්චිය යුද්ධ හමුදා කදවුරේ රාජකාරි වල නිරතව සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් 2022 ඔක්තෝම්බර් 16 දින අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලීසියට බාර දී තිබුණි.
අත් අඩංගුවට රැදවුම් නියෝ ලබා දුන් අනෙක් සැකකරු වන්නේ මීගහතැන්න පොලිස් වසමේ හල්තැටිවෙල, මීගහතැන්න ලිපිනයේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ සම්පත් ප්‍රියන්ත (42) නැමැති අයයි. මොහු අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් අධාර හා අනුබල ලබා දී තිබෙන බවද පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් 2022 ඔක්තෝම්බර් 15 අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද ප්‍රධානතම සැකකරුවා බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබූ අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නැමැති අයයි. ඔහු බළපිටිය, බණ්ඩරවත්තේදී 2022 ඔක්තෝම්බර් 13 රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ විසින් තබන ලද වෙඩි තැබීමකදි මියගොස් තිබිණ. සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේදී අත් බෝම්බයකින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට පහර දීමට තැත්කර තිබෙන බවත් පෙරලා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තබන ලද වෙඩි පහරින් සැකකරු මියගොස් තිබෙන බවත් පොලීසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ ජීව අත් බෝම්බයද පොලීසියේ බාරයට ගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම සැකකරුවන් අහුන්ගල්ල, රියූ හෝටලය අසලදී 2022 ඔක්තෝම්බර් 12 දා දහවල් අහුන්ගල්ල, ගල්වෙහෙර පාරේ පදංචි ප්‍රදීප් කුමාර (40) නැමැති අයට වෙඩිතබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා බවට හදුනාගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. තුවාල ලැබූ අය ත්‍රීරෝද රථ රියැදුරෙකු වශයෙන් කටයුතු කරන බවත් මොහු අහුන්ගල්ල රියු සංචාරක හෝටලය ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථය තබාගෙන සිටින විටදී වෙඩි තැබීමට ලක්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.
කොළඹ දෙසින් මෝටර් රථයකින් පැමිණි අයකු විසින් මෙම ත්‍රීරෝද රථ රියදුරාට වෙඩි තබා පලා ගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටූවන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. ත්‍රීරෝද රථ රියදුරාගේ පාදයකට වෙඩි වැදී තිබූ බවද අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම වෙඩි තැබීම වැරදීමකින් සිදු වූවක් බවද ත්‍රීරෝද රථ රියදුරා කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.
අහුන්ගල්ල, මිද්දරමුල්ලේ පදිංචි තට්ටය සහිත කුමාර නම් අයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවත් ත්‍රීරෝද රථ රියදුරාද තට්ටය සහිත කුමාර කෙනෙක් වීම හේතුවෙන් ඔහුට වෙඩි තබා තිබෙන බවත් මෙතෙක් කරන ලද පරීක්ෂ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට, පොලිස් කොස්තාපල් සදමාල් (86537) යන නිලධාරීන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.