හදීසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 05 දෙනෙකු සතියක කලයක් තුල මිය ගොස් ඇති බවට යාපනය රෝහල් අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කලේ එලෙස මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා මේ වනවිට කොළඹට යවා ඇති බවටත් යාපනය ජනතාව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් අනුගමනය කල යුතු බවටත්ය.
උණ රෝගය වැළදීම නිසා මෙලෙස ඇතුලත් කල පුද්ගලයින්ගෙන් එක් අයෙකු කාන්තාවක් වන අතර තිදෙනෙකු පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට වැඩිදුරට ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරුකොට එවා ඇති අතර තවත් අයෙක් කිලිනොච්චිය රෝහලේ සිට අනෙක් රෝගියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අයෙකු බවටද රෝහල් අද්‍යක්ෂක වරයා පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනයේ පේදුරුතුඩුව රේහලේ සිට පැමිණි අවුරුදු 20, 32, 42 ක රෝගීන් වන අතර යාපනය රෝහලට ඇතුලක් වූ අවුරු 65 ක් වයසැති අයෙකු මෙන්ම කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කල වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කලේ උණ හා කැස්ස වැළදී ඇති රෝගීන් වහාම ළගම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවටත් පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් ජලය රඳාපවතින ස්ථානයන්හි පදිංචි ජනතවට ඉතා ප්‍රවේශමෙන් සෞඛ්‍යරක්ෂිතව ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංක