gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුත්තල බදු ඉඩමට අත තියන්න එපා… කතරගම දේවාලයේ බස්නායක නිලමේට අධිකරණ නියෝගයක්!

පුද්ගලික සමාගමක් විසින් වසර 30ක කාලයක් සඳහා බදු පදනමින් ලබාගෙන ඇති කතරගම දේවාලයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 550ක ඉඩම යළි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින්  පවරාගෙන වෙනත් පාර්ශවයක් වෙත ලබා දිමට ගෙන ඇති තීරණයකට එරෙහිව අදාල සමාගම විසින් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු ඒ පිළිබද කරුණු සළකා බැලූ නුගේගොඩ දිසා අධිකරණය බදුකරු බදු කාලය අවසන් වන තුරු නීති විරෝධී අයුරුන් අදාල ඉඩමෙන් නෙරපා නොහරින ලෙසත්, වෙනත් පාර්ශවයකට ඉඩම බදු දීමක් හෝ ‍වෙනත් පැවරිමක් සිදු නොකරන ලෙසත් හා එහි සිදුවන කටයුතුවලට අවහිර වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙසටත් කතරගම බස්නාකය නිලමේවරයාට  අතුරු ඉන්ජන්සන් ආඥාවක් නිකුත් කර තිබේ. නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි. 

අධිකරණයේ දී වාර්තා වුන සිද්ධිය මෙසේය.

කතරගම දේවාලයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 550ක ඉඩමක් මෙරට ප්‍රකට සමාගමක් විසින් 2008 වසරේදී 30 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන ඊට අදාල බදු මුදල් දේවාලයට ගෙවමින් භුක්ති විදිමින් සිට ඇත.  එම සමාගම විසින් තවත් මෙරට ප්‍රකට කෙසෙල් නිශ්පාදනය කරන සමාගමක් සමග එක්ව වගා ගිවිසුමකට එළඹ මේ වන විට එහි වගා කටයුතු කරගෙන යමින් තිබේ. එහෙත් රුහුණු කතරගම මහා දේවාලයේ වත්මන් බස්නායක නිළමේවරයා   මෙම බදු ඉඩමට අදාලව බදුකරු විසින් හිඟ බදු මුදල් ගෙවා නොමැති බව පවසමින් අදාල බදු කරු සමග ගිවිසුමකට එළඹ සිටින අනිත් පාර්ශවයට ඍජුවම   අදාල ඉඩම බදු දිමට තීරණය කර තිබේ.

ඒ අනුව බස්නායක නිළමේ වරයාගේ මෙම ක්‍රියාවට එරෙහිව දැනට වසර 30ක කාලයක් සදහා ඉඩම බදුගෙන ඇති සමාගම විසින් නුගේගොඩ දිසා අධිකරණයට කරුණු වාර්තා කෙරුණි.

එහිදී වසර 30ක කාලයක් සඳහා අදාල ඉඩම තම සමාගම දේවාලයෙන් ලබාගෙන බදු මුදල්ද  නිසිපරිදි ගෙවා ඇති බවත්, මෙම ඉඩමේ තවත් පාර්ශවයක් එක්ව වගා ගිවිසුමකට එළඹ එහි වගා කටයුතු සිදුකරගෙන යන්නේද බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයාවද දැනුවත් කර ඔවුන්ගේද නිසි අවසරයක්ද ලබා ගැනීමෙන් අනතුරුව බවත් අදාල සමාගම අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා තිබේ.

ඊට අදාල සියලු ලිපි ලේඛන හා බදු මුදල් ගෙවු රිසිට් පත් ආදියද අදාල සමාගම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

මෙහිදී අදාල සමාගම අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ කතරගම දේවාලයට අයත් අක්කර 550ක ඉඩම් කොටසින් අක්කර 125කට වැඩි කොටසක් මේ වනතුරුත් කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා විසින් නිරවුල් කර දී නොමැති බවත් එම කොටසේ අනවසර පදිංචි කරුවන් පදිංචිව සිටින බවත්ය. එසේ තිබියදීත් 2008 වසරේ සිට අක්කර 550ටම බදු ගෙවිම අදාල සමාගම විසින් සිදුකර ඇති බවත් සමාගම අධිකරණයට කරුණු දක්වා තිබේ.

එසේ තිබියදි බස්නායක නිළමේවරයා විසින් අදාල ඉඩමේ බදු මුදල වැඩි කිරීම නිසා මෙවර බදු ගෙවීමේදි අක්කර 550ක කොටසින් අක්කර 125ක කොටස අත්හැර බදු ගෙවීම සිදුකිරිම නිසා මේ තත්වට උද්ගතව ඇති බව අදාල සමාගම විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කරුණු සළකා බැලූ නුගේගොඩ දිසා විනිසුරුවරයා නඩු විභාගය මේ මස 17 වන දින දක්වා කල් තැබූ අතර එතෙක් අදාල ඉඩමේ කටයුතුවලට බාධා නොකරන ලෙසට කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර වෙත අතුරු ඉන්ජසන් ආඥාවක් නිකුත් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka