අලූත ගෙනා මනාලියකගෙන් අමුතු ඉල්ලීමක් කළ මනාලයකු ගැන ඇසූ හරි අපුරු පුවතක් මේ කියන්න හදන්නේ... මේ මනමාලයා ගැන අසන්නට ලැබෙන්නේ සබරගමු පළාතෙන්...
ඔහු සිය මනමාලියගෙන් අමුතු ඉල්ලීමක් කර තිබුණා...
ඔහු ඒ ඉල්ලීම සිත් සේ ඉටු කරගත්තා...
ඒත් එය ඉටුකර ගත්තද පස්සේ කාලේක මහත් ගැටලූවකට මුහුණ දෙන්නයි ඔහුට සිදු වුණේ.. හරි අපි එහෙමනම් කතාවට යමුකෝ... සංකල්ප ඉස්කෝලේ යන කාලේ ඉඳලාම ආදරේ කළේ ඇවැස්ස නෑනාට.... ඒ වුණත් දෙපාර්ශවයේම නෑදෑයන්ගේ විරෝධය මේ ආදර කතාවට විරුද්ධ වුණා...
මේ හින්දා.. ඔහුට සේරම දේවල් අත්හැරලා දකුණු කොරියාවට ගියා....
එහෙත් පසුගියදා මවුපියන්ගේ ඉල්ලීමකට මෙරට ආවේ එයාලා හුඟාක් වයසට ගිහිල්ලා නිසා..
මොනවා වුණත් දෙමව්පියන්ට ඔහු ගරු කළා... මේ අතරේ ඔහුට ගැළපෙන රූමත් ළඳක් මවුපියන් සුදානම් කොට තිබුණා... ආයේම පාරක් මව්පියන්ගේ හිත රිද්දවන්න බැරි කමට ඔහු මේ විවාහයට එකඟ වුණා... එහෙත් ඔහු මුළු හිතින්ම ආදරේ කළේ ඔහුගේ ඇවැස්ස නෑනාට විතරයි...
මොනතරම් උත්සහා කරලත් ඇයව අමතක කරන්න ඔහුට බැරි වුණා... මේ වෙනකොට නෑනා විවාහ වෙලා.. ඇගේ දෙමව්පියන් බලෙන් වගේ ඇයව විවාහ කරවලා...
ඉතිං ඔහු හිටියේ හුඟාක් දුකින්... මංගල රාත්‍රියේදී... ඔහු ඇයට කීවේ ඇගේ දෙනෙත් දීප්තිමත් නිසා ඇයගේ නියම නම වෙනුවට ”නිල්මිණි” යැයි කීමට අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරාලු...ඇයද එකඟවුණාලු....
එහෙත් පසුගියදා ඥාති විවාහ මංගල්‍යයකට ගිය ඇයට දැනගන්නට ලැබුණේ සැමියාට පැරැණි පෙම්වතියක් සිටි බවයි. ඇගේ නම ”නිල්මිණි” කියලා ගමේ අය ඇය එක්ක කියලා.... මේක ඇහුව බිරිදට යකා ආවේශ වුණාලු...
සංකල්පට දෙහි කැපූ ඇය ආපහු තමන්ගේ මව්පියන් ගාවට ගිහිල්ලා ඔහුගෙන් වෙන් වුණාලු... තමන් අකමැති විවාහයක් මව්පිය උවමනාවට සිදුකරගත්ත එක ගැන පසු තැවෙමින් සිටි සංකල්ප ආයෙමත් කොරියාවට ගියාලු....
අන්තර්ජාලයෙන්...