gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති එද්දී නිලධාරියෙකු බීමතින්!

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කර ඇති අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයේ කාමරයක් තුල ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රධාන ආධාරකරුවෙකු බිමත්ව විවේක ගෙන සිටියදි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදිප් මහතාගේ අවධානයට යොමු විය.

වතු කම්කරුවන්ට හිමිකම් ඔප්පු ලබාදිමේ උත්සවයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදි පැවැත්විමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා, නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සහ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් එම ශ්‍රවණාගාරය නිරික්ෂණය කරමින් සිටියදි අගුළු දමා තිබු කාමරයක් විවෘත කර පරික්ෂා කිරිමේදි කාමරය තුල බිමත්ව සිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවා හමු වි ඇත.

එම අවස්තාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිවරයා හමුවේ කියා සිටියේ රජය සතු ගොඩනැගිල්ලක් තුල පිටස්තර පුද්ගලයෙකු බිමත්ව විවේක ගැනිමට ඉඩ ලබාදිම සම්බන්ධයෙන් පිලිතුරු ලබාදෙන ලෙසයි.

එහිදි විදුහල්පතිවරයා කියා සිටියේ එම කාමරය තුල පිටස්තර පුද්ගලයෙකු විවේක ගන්නා බවට තමන් නොදන්නා බවයි.

එම ශ්‍රවණාගාරයේ අනෙකුත් කාමර කිහිපයක් පරික්ෂා කිරිමේදි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ස්වයං රැකියා පුහුණුව ලබන සිසු සිසුවියන්ට ලබාදිම සදහා අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ මිල දි ගත් ගෘහ උපකරණ රැසක් හමුවිය.

එම ගෘහ උපකරණ කිසිවක් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඇති අතර, එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබා පිටව යන සිසු සිසුවියන්ට නොමිලේ ලබාදිමට තිබු ස්වයං රැකියා උපකරණ මෙසේ ගබඩා කර තිබිණ.

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සිදු වන මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම සොයා බැලිමක් සිදු කරන ලෙසට නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුනි.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka