මේ දිනවල යළිත් වර්ෂාව ආරම්භ වීමත් සමගම යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වනවිට මී උණ හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී රෝගීන් 7ක් සහ මුලතිව් රෝහලේදී එක් රෝගියෙකු මිය ගියේය.
යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණ මීට පෙර සිටිය නමුත් එම සංඛ්‍යව මේ වනවිට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මී උණ ව්‍යාප්තිය වැළැක්වීම සදහා ගොවීන්ට සහ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුකෙරෙන අතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවල සේවය කරන සනීපාරක්ෂක සේවකයන්ට ද ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇත.
මී උණ නැත්තම් (Leptospirosis) රෝගය පොදු ව්‍යවහාරයේ පතල් උණ, වෙල් උණ යන නම් වලින් හඳුන්වන අතර මෙම උණ රෝගය සතුන් මගින් මිනිසාට බෝ වන රෝගයකි.
මීයන්, ගවයන් සහ මී ගවයන් යන සතුන්ගේ ශරීර වල තියෙන ‘Leptospira’ කියන බැක්ටීරියාව මගින් මෙම රෝගය බෝවන අතර සතුන්ගේ ශරීරයේ තියෙන බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍රා මගින් කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කානු, පතල් ආදියේ ජලයට එකතු වේ.
මිනිස් සිරුරේ තියෙන කැපීම්, සීරීම් නැත්නම්, ශරීර පටල (ඇස්. මුඛය) හරහා බැක්ටීරියාව ශරීර ගත වන අතර දින 2ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් බව වෛද්‍යවරුන් සදහන් කරයි.
උණ, මස්පිඩු වේදනාව, ඇස් රතු වීම, හිස රදය, මුත්‍රා කහ පැහැ වීම, මුත්‍රා යාම අඩු වීම, වමනය, ශරීරය අප්‍රාණික බව වගේ රෝග ලක්ෂණ ඇති වන බැවින් එම රෝග ලක්ෂණ හඳුනාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගැනීමට ලඟම රෝහලට යන ලෙස වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දෙයි.