gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එකම නිවසේ මල් කැකුළු 2ක් මිලින කරමින් අධිවේගයේ සිදු වූ ඛේදවාචකය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් සොහොයුරියන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය පවසයි.

මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට නාරහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන නැවත මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස කොටසේ දකුණු පැත්තේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.

වයස 12ක් වූ මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි උබේසිංහ ආරච්චිගේ සදීෂා හා ඇයගේ එකම සොයුරිය වන 10 හැවිරිදි සෙනුදි දම්සරා දැරිය මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් ඇත.

මියගිය දැරියන්ගේ මව සහ පියා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර සිය දියනියන් දෙදෙනාම අනතුරින් මිය ගිය බව මෙතෙක් දෙමාපියන්ට පවසා නැති බව පවුලේ හිතවතෙකු පැවසීය.

මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත් පියා විදුලි බල මණ්ඩලයේ උසස් නිළයක් දරන තැනැත්තෙක් බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka