gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කේක් එකට 6000ක් ගියා... රත් කෙහෙල් ඇවරියටත් ලොකු මිලක්..." - සහකාරිය බැලීමට ගිය තරුණයා පොලිසි ගිහින්....

පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවෙසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ කේක්  සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල ලබා දෙන ලෙස ඉල්ලා සහකරුවකු පොලිසි ගිය පුවතක් වාර්තාවෙනවා.

පැමිණිලිකාර සහකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු වන අතර සහකාරිය මහනුවර පොලිස් වසමේ පදිංචි 43 හැවිරිදි තරුණියක්.

තරුණියගේ මව්පියන් තම දියණියට සුදුසු සහකරුවකු සොයා ගැනීම සඳහා පුවත්පතක පළ කළ එම මංගල දැන්වීමකට අනුව පැමිණිලිකාර සහකරු ඥාතීන් පිරිසක් ද පිරිවරාගෙන තරුණියගේ නිවෙසට පැමිණ තිබෙනවා.

නිවෙසට පැමිණි එම පිරිසට තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය සැපයීමට තරුණියගේ පාර්ශ්වය කටයුතු කර ඇත.

පැමිණිලිකාර සහකරු නැවත අවස්ථා හතරකදී තරුණියගේ නිවෙසට කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක් රැගෙන පැමිණ ඇතත් තරුණිය ඔහුට ප්‍රිය මනාප නොමැති බව තරුණියගේ මාපියන් සහකරුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට උරණවූ සහකරු තමන් එම නිවෙසට යන විට රැගෙන ගිය කේක් සහ කෙසෙල් ඇවරිවලට වැය වූ මුදල් ඉල්ලා මෙසේ පැමිණිල්ලක් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka