gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් සටහනක් දැමූ ගුරුවරියක් ගැන විමර්ශනයක්

ගුරුවරුන් සඳහා පුහුණු සැසි සතිඅන්ත දිනවල හෝ පාසල් නිවාඩු කාලයේ පැවැත්වීමට නියෝග කිරීමට  විරෝධය දක්වමින් ෆේස්බුක් හි සිදු කළ පළ කිරීමක් හේතුවෙන් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සතියේ දිනවල ගුරුවරුන් සඳහා පුහුණු සැසි පැවැත්වීම මැයෙන් මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක් සහ ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය නිකුත් කළ ලිපියක් පිළිබඳව තිළිණි ෂැල්වින් මහත්මිය අගෝස්තු 14 වන දින ෆේස් බුක් සටහනක් පළ කර තිබුණි.

ඒ අනුව, තිලිණි ෂැල්වින් මහත්මියට එරෙහිව සිදු කෙරෙන මූලික විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (09) දින ඇයව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය අවධාරණය කළේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක ලෙස අදහස් දැක්වීම හේතු කොටගෙන එම ගුරුවරියට එරෙහිව මූලික විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබා ගැනීම ඇගේ භාෂණයේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවය.

ලංකා ගුරු සංගමය පවසන්නේ, මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් විසින් මධ්‍යම පළාතේ ගුරුවරු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ Xඓඓ පරිච්ඡේදයේ 24 වන්තියෙහි සඳහන් විධිවිධාන උල්ලංඝණය වන ආකාරයෙන් අනීතික නියෝගයක් නිකුත් කිරීම හා ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය කරන ලද මැදිහත්වීම පිළිබඳව ඇය අදාළ සමාජ මාධ්‍ය අදහස් දැක්වීම කර තිබු බවය.

ලංකා ගුරු සංගමය මගින් එම නියෝගය අනීතික බව පෙන්වාදීමෙන් අනතුරුව එච්. එම්. එම්. යූ. බී. හේරත් මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරයා විසින් එම අනීතික නියෝගය අත්හිටුවන බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

එවැනි පසුබිමක එම නියෝගය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම මත තිලිණි ෂැල්වින් ගුරු මහත්මියට එරෙහිව  විමර්ශනයක් සිදු කිරීම කනගාටුදායක තත්වයක් බවත් එම විමර්ශනය වහා නතර කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka