gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි මාෆියාව තිතට වැඩ.. පැය 4-5ක විදුලි කප්පාදුවක්..?

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල  ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඒ මහතා කීය.

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බව කී නන්දන උදයකුමාර මහතා ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඒ මහතා කීය.

– Lankadeepa
(යොහාන් භාසුර)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka