gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පවුලේ එකම දරුවා වූ ඇගේ කරමත පැටවුණේ දරාගන්න අමාරු වගකීම් කන්දක්.. ඒත් ඇය ශක්තිමත්.. මහ සෙනඟ මැද ගාලු බස් නැවතුමේ සුවිශේෂ වූ ඇය..

විශාල නගරයක බස් නැවතුම්පළක්..මහා සෙනඟ, ඝෝෂාවල් ගොඩක් මැද ඒ හඬ ටිකක් නුහුරුයි ,නුපුරුදුයි... "අම්බලන්ගොඩ… අම්බලන්ගොඩ… නගින්න… නගින්න…" හඬේ හැටියට ගැලපෙන්නම,  ඇගේ රුව එතරම් වයසින් මුහුකුරා නොගිය යෞවනියක් බව ඇය දුටු සැනින් පැහැදිලි වෙන කරුණක්....
ඇය මේ කොහේද ඉන්නේ.. මොකද කරන්නේ..? මේ ඇය ගැන ඇසෙන කතාවයි..

ගාල්ල බස් නැවතුම්පොලේදී අහන්න ලැබුණ මේ හඬ තරුණ කොන්දොස්තරවරියකගේ කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..? ඔව් ඒ හඬ ඇගේ තමයි... ඇය අපොස උසස් පෙළ සමත් වුවත් සරසවි යන්නට වරම් නොලැබ වෘත්තීය පුහුණු අධිකාරියේ මෝටර් රථ කාර්මික ශිල්පය හදාරන 22 හැවිරිදි තරුණියක්..

ඇය කවුද..? මෙවැනි රැකියාවක් තෝරා ගත්තේ ඇයි..?ඒ සිදුවීම ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්..
ඇය නමින් කේ. අසේකලා මධුවන්ති. රත්ගම ප්‍රදේශයේ උපන් ඇය, උසස් පෙළ දක්වා රත්ගම දේවපතිරාජ විදුහලෙන් අධ්‍යාපනය හදාරා තියනවා... ඒත් විශ්ව විද්‍යාල වරම් අහිමි වුණ ඇය, පසුව වෘත්තීය පුහුණු අධිකාරියේ ඔටෝ මොබයිල් ටෙක්නිසියන්(මෝටර් රථ කාර්මික ශිල්පය)පාඨමාලාව හැදෑරීමට එක්ව තිබුණා.. පාඨමාලාව අවුරුදු එකහමාරයි... එය නිම කරන්නඇයට තව මාස දෙකක් තිබෙනවා...

ඇගේ අම්මා, තාත්තා මේ වන විට අසනීප තත්වයෙන් ඉන්න නිසා පවුලේ එකම දරුවා වූ මදුවන්තිගේ කරමත පැටවිලා තියෙන්නේ සුළුපටු බරක් නෙවෙයි.. ඇය මේ රැකියාව කරන්නේ, අම්මයි තාත්තයි රැකබලා ගන්න ඕන නිසා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද...? කොහොම වුණත් මදුවන්ති, සතියේ නිවාඩු දවස්වල මේ බස් එකේ කොන්දොස්තරවරිය ලෙස වැඩ කරන්න පෙළඹුණේ අන්න ඒ නිසාලු.. මිතුරෙකුගේ මාර්ගයෙන් සොයාගත් මේ රැකියාව ඇය කරන්නේ ගොඩක් සතුටෙන්..

ඇය මේ වෙද්දී කොන්දොස්තර බලපත්‍රයකුත් ලබාගෙන.. ඒ නිසා ඇගේ රැකියාව දැන් සුරක්ෂිතයි...මීට මාස හතරකට ඉහතදී ගාල්ල අම්බලන්ගොඩ බස් කොන්දොස්තරවරියක් හැටියට රස්සාව අරඹන ඇගේ එකම අරමුණ වෙන්නේ මව්පියන් රැකබලා ගැනිමයි... ඒවගේම ඇය සිදුකර පාඨමාලාව සාර්ථකව අවසන් කරලා සුදුසු රැකියාවක් සොයාගන්න ඇය අධිශ්ඨානශීලීව කටයුතු කරනවා...
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka