පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ, කොත්මලේ ජලාශයේ වාන් දොරටු ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහවැලි අධිකාරිය විසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඉදිරියට ලැබෙන වර්ෂාපතනයත් සමඟ ජලාශයට ලැබෙන ජල ධාරිතාව සීග්රයෙන් ඉහළ යා හැකි බැවින්, කොත්මලා ඔය ආශ්රිතව නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර ප්රදේශ සහ, මහවැලි ගඟ ආශ්රිතව උලපනේ ප්රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි එම අධිකාරිය අවධාරණය කර සිටින්නේ.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්රථම යළිත් වරක් දැනුම්දීමක් කිරීමට නියමිත බව ද සඳහන්.
මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයෙන් ජලය මුදා හැරීමකින් තොරව වුව ද ගඟේ ජල මට්ටම ඉහළ ගොස්, පහත්බිම් යටවීමේ අවදානමක් පවතින බවයි සඳහන් වන්නේ.



