gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

litro gas prices cut from midnight

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.

ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව සිදුකළ මෙම මිල සංශෝධනයට අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 4,465 ක්ව පැවති එහි නව මිල රුපියල් 4,365 කි.

කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,750 ක් වේ. මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 1,792 ක් වශයෙනි.

එසේම, රුපියල් 835 ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 815 ක් ලෙස සටහන් වේ.

මෙම මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka