කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන එම නිලධාරියාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඊයේ (15) පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.



