gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දියතලාවේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - 40කට අධික පිරිසකට තුවාල!

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 40කට නොඅඩු පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සහන සේවා කණ්ඩායම් එක්ව බස් රථය තුළ සිරවී සිටි මගීන් මුදාගැනීමට කටයුතු කර තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ තුවාල ලැබූ සියලුම දෙනා කඩිනමින් මුදාගෙන හදිසි ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අනතුර සිදුවීමට නිශ්චිත හේතුව සෙවීම සඳහා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka