gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රුපියල අහසට උසට නගී – රුපියලේ විකුණුම් මිල අද රුපියල් 354.03යි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (21) දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව,  අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354 ඉක්මවා ගොස් තිබේ.

එය සටහන් වී ඇත්තේ රුපියල් 354.03ක් ලෙසය.

අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන්ව ඇත

මෙය 2023 වසරේ මාර්තු 02 වෙනිද‍ෙයින් පසුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ අවම අගය බව සඳහන් වේ.

ඊයේ (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ 342ක් ලෙසය.

ඒ අනුව පැය 24ක් තුළ රුපියල් 12කින් ඩොලරයක විකුණුම් ඉහළ ගොස් තිබේ.

අද (21) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත ආකාරයෙන් සටහන්ව තිබිණි.

ලංකා බැංකුව – රු. 345.00 – රු. 354.00

මහජන බැංකුව – රු. 344.44 – රු. 354.74

කොමර්ෂල් බැංකුව – රු. 343.09 – රු. 354.25

සම්පත් බැංකුව – රු. 344.50 – රු. 353.5
 
හැටන් නැෂනල් බැංකුව – රු. 346.00 -රු . 345.50
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka