gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්... පරිස්සම් වෙන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළාය.

මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළේ,

“අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන්, ආතති තත්ත්වයන්, හිතට කරදරය නොසන්සුන්කම වැඩි කරන තත්ත්වයන් වෙනවා. අධික උණුසුමත් එක්ක ආතතිය, ඇන්සයිටිතමතාවය, විෂාදය එකට බැදිලා තියෙන නිසා මෙම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.  

අධික උණුසුමත් එක්ක ඇග විජලනයට පත්වෙනවා. ඒක නිසා ඇති වන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම නිසා කෙනෙක්ගේ මානසක මට්ටම පහතට වැටෙන්න පුළුවන්. මොලේ තියෙන රාසායනික ද්‍රව්‍ය, හෝමෝන මේ සියලු දේවල බලපෑම නිසා මානසික තත්ත්වය අඩු වෙන්න පුළුවන්.

රස්නය වැඩි වුණාම නින්දට බලපෑම් වෙනවා. මේකත් මානසික මට්ටම අවපීඩනයට ලක් කරන්න හේතු වෙනවා. අධික උණුසුමත් එක්ක කෙනෙකු ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. 

අධි අවධානම් පිරිසක් ඉන්නවා. කාලයක් පුරා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස්, කුඩා දරුවන්, ගර්භණි මව්වරු සහ වයෝවෘධ පිරිස. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කෙළින්ම බලපෑමක් ඇති කරනවා.

මානසික තත්ත්වය කඩා වැටෙන්න අධික උණූසුම් තත්ත්වයත් සමග නුසුදු දියරයක් බැවින් මත්පැන් පානය කිරීම මානසික තත්ත්වය අවපීඩනය වීම ආතති තත්ත්වයන් ඇති වීම වෙන්න පුළුවන්. අධික උණුසුම කල්පනාව අඩුවීම මතකය අඩුවීම වැනි තත්ත්වයන්ට ඇතිවෙන්න පුළුවන්. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka