gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආර්ටෙමිස් ගගනගාමීන් සහ පෘථිවිය අතර සබඳතා මිනිත්තු 40 කට ඇණහිටියි

නාසා ආයතනයේ ආර්ටෙමිස් 2 මෙහෙයුම යටතේ සඳ බලා යන ගගනගාමීන් සිව්දෙනා අද (06) රාත්‍රී 11.47 ට පමණ සඳේ පසුපස පැත්තට (Far side) ගමන් කිරීමත් සමඟ පෘථිවිය සමඟ පවතින සියලුම ගුවන් විදුලි සහ ලේසර් සබඳතා තාවකාලිකව බිඳ වැටෙනු ඇත සඳ විසින් සංඥා අවහිර කිරීම නිසා සිදුවන මෙම මිනිත්තු 40 ක කාලය තුළ ගගනගාමීන් අභ්‍යවකාශයේ අතිශය හුදකලා බවක් අත්විඳිනු ඇති අතර ඔවුන් එම කාලය සඳෙහි භූ විද්‍යාත්මක ලක්ෂණ නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූප ගැනීමට යොදා ගැනීමට නියමිතයි.

මීට වසර 50 කට පෙර ඇපලෝ 11 මෙහෙයුමේදී මයිකල් කොලින්ස් ද මෙලෙසම සඳේ පසුපස පැත්තට ගිය අවස්ථාවේ මිනිත්තු 48 ක් පෘථිවියෙන් වෙන්ව හුදකලා වූ අතර ඔහු එය හැඳින්වූයේ අතිශය සාමකාමී අත්දැකීමක් ලෙසයි එංගලන්තයේ ගූන්හිලි (Goonhilly) පෘථිවි මධ්‍යස්ථානය හරහා මෙම යානයේ සංඥා නිරීක්ෂණය කරන අතර ගගනගාමීන් යළි පෘථිවිය සමඟ සම්බන්ධ වන තෙක් මුළු ලෝකයම දැඩි අවධානයෙන් පසුවෙයි අනාගතයේදී සඳ මත ස්ථිර කඳවුරු ඉදි කිරීමේදී මෙවැනි සබඳතා බිඳ වැටීම් වැළැක්වීම සඳහා සඳ වටා චන්ද්‍රිකා ජාලයක් ස්ථාපිත කිරීමට ද විද්‍යාඥයන් සැලසුම් කරමින් සිටියි.

මෙම මෙහෙයුමේ නියමුවා වන වික්ටර් ග්ලෝවර් පවසා ඇත්තේ තමන් හුදකලා වන එම කාලය තුළ මුළු ලෝකයම එක්ව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි සඳේ සෙවනැල්ලෙන් මිදී යානය යළි මතු වූ වහාම සබඳතා යළි ස්ථාපිත වන අතර එහිදී ගගනගාමීන්ට තමන් දුටු අසිරිමත් දසුන් පෘථිවිය සමඟ බෙදා ගැනීමට හැකි වනු ඇත මිනිස් ඉතිහාසයේ සඳු කරා යන මෙම දැවැන්ත ගමනේ තීරණාත්මකම අවස්ථාවක් ලෙස මෙය සැලකේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka