මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරානයට එරෙහිව ආරක්ෂිත ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍යයට අයත් යුද කඳවුරු භාවිතා කිරීමට අමෙරිකාව කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය රජයේ අනුමැතිය හිමිව තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, මෙය දෙරට අතර පවතින සමීපතම ආරක්ෂක සබඳතාවය යළිත් ලොවට විදහා දැක්වීමක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම එකඟතාවත් සමඟ ඉරානයට එරෙහිව දියත් කරන ගුවන් සහ මිසයිල මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍යයේ මූලෝපායික යුද මධ්‍යස්ථාන සෘජුවම දායක වනු ඇත. මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් මෙම පියවර ගත් බව බ්‍රිතාන්‍ය පාර්ශ්වය අවධාරණය කරන නමුත්, බටහිර බලවතුන්ගේ මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය හමුවේ ඉරානය දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ආරක්ෂක අංශ අනතුරු අඟවයි. මෙම තීරණයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ කලාපීය යුද මෙහෙයුම්වල තීරණාත්මක වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



