gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

යුද්දය නිසා නැවු රක්‍ෂණ ගාස්තු පස් ගුණයකින් වැඩි කරයි... ලංකාවේත් භාණ්ඩ මිල දැනෙන්න ඉහලට!

ඉරානය සහ ඊශ්‍රායල-ඇමරිකානු පාර්ශවයන් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආසියානු කලාපයේ ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අත්හිටුවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ නෞකා ප්‍රවාහන ගාස්තු සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.

නෞකා රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ නාවික ගමන් මාර්ග වෙනස් කිරීම නිසා සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන ක්ෂේත්‍රයටද මෙහි අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින යුදමය වාතාවරණය හමුවේ Gard, Skuld, NorthStandard, London P&I Club සහ American Club වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රක්ෂණ සමාගම්, මාර්තු 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ‘යුද අවදානම් රක්ෂණ ආවරණ’ අවලංගු කිරීමට තීරණය කර ඇත. මේ පිළිබඳ නිවේදන මාර්තු 01 වැනිදා අදාළ සමාගම්වල වෙබ් අඩවිවල ප්‍රකාශයට පත් කර තිබිණි.

නාවික ක්ෂේත්‍රයේදී යුද අවදානම් රක්ෂණය අත්‍යවශ්‍ය සාධකයකි. සාමාන්‍ය සමුද්‍රීය රක්ෂණ මගින් යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා නිසා සිදුවන හානි ආවරණය නොවන බැවින්, වරාය බලධාරීන්, බැංකු සහ නෞකා කුලියට ගන්නන් යුද අවදානම් ආවරණයකින් තොරව නෞකා මෙහෙයවීමට අවසර ලබා නොදෙයි.

ක්ෂේත්‍රයේ තොරතුරු වාර්තා කරන මූලාශ්‍රවලට අනුව, යුද අවදානම් රක්ෂණ වාරිකය, ගතවූ පැය 48 ඇතුළත පස් ගුණයකින් ඉහළ ගොස් ඇත.

උදාහරණයක් ලෙස, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා තෙල් ප්‍රවාහන නෞකාවක් සඳහා එක් ගමනකට මෙතෙක් අය කළ රක්ෂණ වාරිකය ඩොලර් 200,000 සිට ඩොලර් මිලියනය දක්වා වැඩි වී තිබේ. මෙම දැවැන්ත පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද වෙළෙඳ ප්‍රජාව අනතුරු අඟවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka